Uncategorized

අධි රුධිර පීඩනය

high-blood-pressure-blog-pos

බලන්න ඔයාටත් නිතරම වගේ මේ රෝග ලක්ෂණ තියනවද කියලා?

නිතරම ඔලුව රිදෙනවා වගේද? කරකැවිල්ල නිතර නිතර එනවද? වෙනදා වගේ ඉක්මනින් වැඩ කරගන්න බැහැද? මහන්සිද? එහෙනම් ඔයාටත් අධික රුධිර පීඩනය තියෙන්න පුලුවන්. මීට අමතරව ඇස්වල බොද ගතිය, පපුවේ වම් පස නිතර නිතර වේදනාව එනවා නම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.

🩺 අපි බලමු ඇත්තටම මොකක්ද මේ අධික රුධිර පීඩනය කියන්ගන් කියලා

හෘදය නමැති ස්වාභාවික පොම්පය මඟින් රුධිරය රුධිර නාල තුළට තල්ලු කිරීමේදී රුධිර නාල මත ඇති කරන පීඩනය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් එනම් 120/80 ට වඩා වැඩි අගයක් ගනී නම් එය ‘අධික රුධිර පීඩනය’ ලෙසින් හඳුනාගත හැකියි. එනම් රුධිර පීඩනය අධික නම් එයින් අදහස් වන්නේ හෘදයට ලැබෙන ආතතිය වැඩි බවයි.

🔍 ඔයාට සාමානයගයන් අධි රුධිර පීඩනය තියනවා කියලා දැනගන්නේ කොහොමද?

එය බොහෝ විට වසර ගණනොවක් පුරා වර්ධනය වන අතර සැලකිය යුතු රෝග ලක්ෂණ නොපෙන්වන අතර, එම නිසා එය “නිහඬ ඝාතකයා” යන නමින්ද හැදින්වේ. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ ඇති වූ විට,

  • හිසරදය
  • නොපැහැදිලි පෙනීම
  • පපුවේ වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • කරකැවිල්ල
  • ඔක්කොරය
  • වමනය
  • කාංසාව
  • ව්‍යාකූලත්වය
  • කන්වල ශබ්දය
  • නාසයෙන් ලේ ගැලීම වැනි තත්වයන් ඇති විය හැකියි

මෙම ලක්ෂණ පවතී නම් වෛද්‍යවරයකු මගින් ඔබේ රුධිර පීඩනය පරීක්ෂො කර ගැනීම අනිවාර්ය වේ.

💊 ඉතින් ඔබට අධික රුධිර පීඩනය තිගයනවා නම් ඔබ කල යුත්ගත් කුමක්ද?

අනිවාර්යෙන් ඔබ වෛද්‍යවරයකු මගින් ප්‍රතිකාර ගත යුතුමයි.

🌿 ආයුර්වේදයේ මේ සදහා ප්‍රතිකාර තිබේද?

ඔව්. සුදුසුකම්ලත් වෛද්‍ය වරයෙකු හරහා ඔබට ප්‍රතිකාර ගත හැකියි.
මේ සඳහා අභයන්තර හො භාහිර ප්‍රතිකාර පවතින අතර අභයන්තර ප්‍රතිකාර ලෙස කසාය, ගුලි, කල්ක, චූර්ණ, යනොදිය ලබා දේ, භාහිර ප්‍රතිකාර ලෙස පංචකර්ම ප්‍රතිකොර ලෙස වස්තිකර්ම, රක්තමෝක්ෂන, ශිරෝධාර, ශිබරෝවස්ති, පත්තු යනොදිය බයොදො ගත හැකියි .

🛡️ ඉතින් ඔබට අධික රුධිර පීඩනය නොමැති නම් එයින් වැලගකන්ගන් කෙසේද?

සෞඛ්‍ය සම්පන්න ආහොර වේලක් ගන්න.

බර අඩු කරගන්නත්, ඒ වගේම blood pressure අඩු කරගන්නත් මේ step එක අනිවාර්‍යෙන්ම පිලිපදින්න ඕන.
එනම් ආහාර ගොටුකොළ, මුකුණුවැන්න වැනි පලො වර්ග ද, රතු සහල් වර්ග හෝ පච්චපෙරුමාල්, කළුහීනටි වැනි සහල්ල වර්ග ද පොටෑසිි‍යම් බහුල පලතුරු වන කෙසෙල්, ගස්ලබු, පේර වැනි පලතුරුද, කඩල කවුපි වැනි දෑ මෙන්ම අඩු මේදය සහිත කිරි නිෂ්පොදන භාවිතා කිරීම තමයි කරන්න තියෙන්නේ.
විශේශයෙන්ම Cholesterol ඇති වන්න හේතු වන්නේ අනවශය මේඳ වැඩිපුර තියන ආහාර භාවිතටයයි. හැකි තරම් අඩුබවන් ලුණු ආහාරයට ගැනීම සහ processed foods ආහොරයට ගැනීම අවම කල යුතුයි.

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වො ගන්න.

තරබාරු කම නැතිනම් අධික ස්ථුල බව අනිවාර්‍යෙන්ම high blood pressure සහ තවත් ගොඩක් ලෙඩ රෝග වලට හේතු විය හැකියි.

ශාරීරිකව ක්‍රියාශීලී වන්න.

දුම් පානය නොකරන්න.

ඔබ පානය කරන මත්පැන් ප්‍රමාණය සීමා කරන්න. Alcohol limit එකක් නැතුව ගන්නවා කියන්නේ ගොඩක් සෞඛ්‍ය ගැටලු වලට අත වැනීමක්. ඒ නිසා daily drink ගන්න එක නවත්තන්න වෙනවා.

ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

ආතතිය කළමනාකරණය කරන්න.

මානසික පීඩාවන් කියන්නේ අනිවාර්‍යෙන්ම high blood pressure සදහා අත වනන දේවල්. හැබැයි ඉතින් අපිව stress වන office ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න වලින් අපිට බේරෙන්නත් බැහැ. හොඳම දේ තමයි ඒවා හරියට manage කරගන්න එක. Example එකක් විදියට කීවොත් දවස හරියට plan කරලා, කරන්න පුළුවන් වැඩ ටික විතරක් කළොත්, දවස stress නැතුව ගත කරන්න පුළුවන් වෙයි.

නිරන්තරයෙන්ම Doctor කෙනෙක් meet වෙන්න

medical check up කාලයෙන් කාලයට කරගන්න කියන්නේ මෙන්න මේ වගේ high blood pressure ගැටළු අපි නොදැනුවත්වම අපේ ඇගේ හැාංගිලා තියෙන්න පුළුවන් නිසයි.


අධික රුධිර පිඩනය වලක්වා ගැනීමට ගත යුතු ආහාර පාන ගමානවාද ?

  • එළවළු සහ මැල්ලුම් වර්ග වැඩිපුර ආහොරයට ගැනීම.
  • පච්චපෙරුමාල්, කළුහීනටි, මා වී, හෝ කුරුළුතුඩ වැනි රතු සහල් වර්ග භාවිතය
  • වට්ටක්කා, බොංචි, කරවිල සහ ගොටුකොළ වැනි පිෂ්ඨය රහිත එළවළු භාවිතය
  • කෙසෙල්, පැපොල්, දොඩම්, පේර භාවිතය
  • රනිල කුලයට අයත් භෝග සහ පරිප්පු, මුාං ඇට, කඩල භාවිතය
  • මාළු (විශේශයෙන් තෙල් රහිත වර්ග) මැකරල් හෝ ටූනා භවිතය
  • විශේශයෙන්ම, කරපිාංචා, සහ තුනපහ වර්ග ආහාරයට එක් කර ගැනීම
  • පත්පාඩගම් Pathpadagam (Hedyotis corymbose)
  • වෙනිවැල්ගැට Veniwelgata (Coscinium fenestratum)
  • ඉගුරු, කොත්තමල්ලි Coriander (Coriandrum sativum)
  • පොල්පලා, Polpala (Aerva lanata)
  • ඉරමුසු Iramusu (Smilax zeylanica
  • මුරුංගා Moringa (Moringa oleifera)
  • වැනි ශාක වර්ග ඔබබ් ආහාඅරයට එක්කර ගැනීම සුදුසු වේ.

⚠️ මෙම අධික රුධිර පීඩනයට ඔබ ප්‍රතිකාර නොගතහොත් මොකද වෙන්නේ කියලා දන්නවද ?

දිගු කාලීන (නිදන්ගත) අධි රුධිර පීඩනය – කාලයත් සමඟ බරපතල සෞඛ්‍ය සාංකූලතා ඇති කළ හැකි අතර, බොහෝ විට බහු අවයව පද්ධති වලට බලපායි.

  • Heart attack හෘදයාභාධ – (අවහිර වූ ධමනි (ධමනි සිහින් වීම) හේතුවෙන්.)
  • Left ventricular hypertrophy (LVH) වම් කශේරුකා අධි රුධිර පීඩනය (LVH) – හෘද (මොාංශ බේශි ඝණ වීම, එය හෘදයාභාධ ඇතිවීමට හේතු විය හැක.)
  • Aneurysms – (රුධිර වාහිනී වල බිත්ති දුර්වල වීම)
  • Stroke ආඝොතය – (මොලයේ රුධිර නාල අවහිර වීම හෝ පුපුරා යාම හේතුවෙන්.)
  • Vascular dementia – (රුධිර ප්‍රවාහය අඩුවීම සහ නැවත නැවත කුඩා ආඝාත හේතුවෙන්.)
  • Cognitive impairment (නිදන්ගත අධි රුධිර පීඩනය මතක ගැටළු සහ මානසික පරිහොනියට සම්භන්ද වේ.)
  • Chronic kidney disease නිදන්ගත වකුගඩු රෝගය (CKD) – (හානියට පත් රුධිර වාහිනී කාලයත් සමඟ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු කරයි.)
  • Hypertensive retinopathy (දෘෂ්ටි විතානයේ රුධිර නාල වලට හානි වීම, පෙනීම නැතිවීමට හේතු විය හැක.)
  • Optic neuropathy දෘෂ්ටි ස්නොයු බරෝගය – (දෘෂ්ටි ස්නායුවලට හානි වීම, අන්ධභාවයට හේතුවිය හැක).
  • Peripheral artery disease (PAD) පර්යන්ත ධමනි රෝගය (PAD) –( අත් පා වල රුධිර වාහිනී පටු වීම, වේදනාව ඇති කිරීම සහ වණ හෝ ගැන්ග්‍රීන් අවදානම ඇති කරයි.)
  • Sexual dysfunction ලිාංගික දුර්වලතා – (රුධිර ප්‍රවාහය අඩු වීම හේතුවෙන් එවැනි රෝගාභාද ඇති විය හැක.)

Back to list

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *