Uncategorized

PCOS පිළිබඳව ඔබ දැනුවත්ද?

pcos

“මගේ ලගදි ඉදන් බර වැඩි වෙනවා නේ, කොන්ඩෙත් හරියට යනවා, පීරියඩ් ත් වෙනදා වගේ හරියට හැදෙන්නේ නෑනේ. ලෙඩක් ද දන්නේ නෑ නේද?” මේ මේවගේ ලක්ෂණ තිබුනත් බොහෝ කාන්තාවන් මේ ගැන දැනුවත් නෑ. මෙන්න මේක තමයි ප්‍රශ්නෙ, බොහෝ කාන්තාවන් දන්නේ නෑ තමන්ට PCOS කියන රෝගය තියෙනවද කියලවත්. වයස අවුරුදු 20-40 කාන්තා ජනගහනයෙන් 13% ක් වැනි පිරිසකට PCOS රෝගී තත්වය තියෙන බවට මේ වන විට හදුනා ගෙන ඇතත් කණගාටුවට කාරණාව වෙන්නේ සමස්ත කාන්තා ජනගහනයෙන් 70% කට පමණ තවමත් තමාට මේ තත්වය තියෙනවාද කියලා හදුනා ගෙන නැති වීමයි.

මොකද්ද මේ PCOS කියන්නෙ?

මෙය රෝගයක් විදියටම නම් කළ නොහැකි වුවත් අද වන විට මේ තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන් ප්‍රතිශතය සෑහෙන දුරට ඉහල ගිහින් නිසා මෙය රෝගයක් ලෙසම නිතර කතා බහට ලක් වෙනවා.

PCOS තත්ත්වයේදී කාන්තාවන්ගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර පුරුෂ හෝමෝන ශ්‍රාවය වේ. මෙම හෝමෝන අසමතුලිතතාවය ආර්තව චක්‍රය අක්‍රමවත් කරවන අතර ගර්භනී වීමද තරමක් දුෂ්කර වේ. මෙම රෝග තත්ත්වයේදී බලපෑම් ඇතිවන ඉන්ද්‍රිය වන්නේ ඩිම්බකෝෂ වේ. සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ මගින් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන නිපදවයි. මෙම හෝමෝන මගින් ආර්තව චක්‍රය පාලනය කරන අතර ඩිම්බ කෝෂ මගින් ඉතා සුළු ප්‍රමාණයක් Androgen වන පුරුෂ හෝමෝනය ශ්‍රාවය වේ.

🔍 PCOS රෝග ලක්ෂණ හඳුනාගනිමු

හරි PCOS ඔයාටත් තියෙනවද කියලා කොහොමද දැන ගන්නේ? බලන්න මේ ලක්ෂණත් ඔයාට තියෙනවාද කියලා:

  • මුහුණ පපු ප්‍රදේශය ශරීරය අත් පා වල අධික ලෙස රෝම වැවීම.
  • බෙල්ල ඉකිලි කිහිලි කලවා වැනි ප්‍රදේශවල තද කළු පැහැයක් ඇති වීම.
  • පිරිමි පුද්ගලයන්ගේ මෙන් තට්ටේ පෑදීම තෙක් හිසකෙස් තුනී වී ගැලවී යාම.
  • සිරුරේ බර අසාමාන්‍ය ලෙස වැඩි වීම සහ උදරය ද ඉදිරියට නෙරා ඒම දැකිය හැක. කුරුලෑ ඇති වීම ද දැකිය හැක.
  • එමෙන්ම ඉන්සියලින් හෝමෝනයට දක්වන අඩු සංවේදීතාවය නිසා type 2 diabetic හෙවත් මධුමේහය ඇති වීමේ අවදානමක් ඇත.
  • ඔසප් චක්‍රය ගැන කතා කළහොත් එහි ප්‍රමාද වීම සති ගණන් වල සිට මාස ගණන් දක්වා වර්ධනය විය හැක.
  • ප්‍රමාද වී හෝ ලැබෙන ඔසප් දිනයන්හිදී අධික වේදනාවක් අධික රුධිර වහනයක් දැකිය හැක.
  • මද සරු භාවයද ඇතිවන නිසා ගැබ් ගැනීම ප්‍රමාද වීම හෝ ගැබ් ගත්තත් එය ගබ්සා වීම සිදුවිය හැක.

⚠️ හේතු සහ අවදානම්

මොනවගේ හේතුද මේ PCOS ඇති වෙන්න බලපාන්නේ?
මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ජානමය තත්ත්වයන් ද තවත් හේතු ලෙස නිසි ආහාරපාන රටාවක් නොතිබීම මෙන්ම නිසි ලෙස ව්‍යායාමවල නොයෙදීමත් දැක්විය හැකිය.

සාමාන්‍යයෙන් වයස කීයේ වගේ කාන්තාවන්ද මේ තත්වය වැලදෙන්නේ?
වයස අවුරුදු 15 ත් 44 ත් අතර කාලයේ සිටින කාන්තාව බොහෝ විට මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන අතර රෝගයට ගොදුරු වුවත් තමා මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි හඳුනා ගත් අය සිටින්නේ ඉතාමත් අතලොස්සකි (Undiagnosed).

PCOS පාලනය කරගන්න කළ යුතු දේ

මේ තත්වය වලක්වා ගැනීමට වගේම, PCOS තියෙන කාන්තාවනුත් PCOS පාලනය කරගන්න මොනවද කරන්න ඕනේ?

  • හොදට වතුර බොන්න: PCOS ඇති කාන්තාවන් සඳහා දවස පුරා ජලය පානය කිරීම අතිශයින්ම වැදගත් වේ. නිර්දේශිත දෛනික ජලය ලීටර් 1.5 සිට 2 දක්වා වේ.
  • නිතිපතා ව්‍යායාම වල නිරත වෙන්න: දවසට අවම මිනිත්තු 30 ක වගේ කාලයක් මේ සදහා වෙන් කරගන්න.
  • යෝග අභ්‍යාස කරන්න: යෝග යනු ඔබේ ශරීරය සහ මනස සන්සුන් කළ හැකි පිළිවෙතකි. හෝමෝන මට්ටම සමතුලිතව තබා ගැනීමට උපකාර වේ.
  • එළවළු, පලතුරු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න: PCOS සහිත කාන්තාවන්ට නිතරම රුධිර සීනි මට්ටම වැඩි වන නිසා පිටි සහ සීනි සහිත ආහාර පාලනය කරන්න ඕනේ.
  • ආතතිය සහ කාංසාව කළමනාකරණය කරන්න.

🌿 PCOS අවම කරගන්න භාවිතා කළ හැකි ඖෂධ පැලෑටි

  • කුරුඳු: එය ඔසප් චක්‍ර පාලනය කරන අතර ඉන්සියුලින් ප්‍රතිරෝධය කෙරෙහි බලපෑමක් ඇති කරයි, එය PCOS කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයට උපකාරී වේ.
  • අශ්වගන්ධ: එය ආතතිය සහ PCOS රෝග ලක්ෂණ වැඩි දියුණු කිරීම සඳහා කෝටිසෝල් මට්ටම සමතුලිත කරයි.
  • කහ: කහ යනු PCOS ආශ්‍රිත සායනික සහ ව්‍යාධිමය ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා හොඳ ඖෂධයකි.
  • කොහොඹ: ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කිරීමට උපකාරී වේ. එය විශිෂ්ට රුධිර පිරිසිදු කාරකයක් වන අතර හොඳ සමක් පවත්වා ගැනීමට උපකාරී වේ. PCOS වලදී කුරුලෑ සහ අනෙකුත් සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ද Neem භාවිතා කරයි.
  • අශෝක: එන්ඩොමෙට්‍රියල් සෞඛ්‍යය යථා තත්වයට පත් කරන සහ එස්ටජන් මට්ටම පාලනය කරන ප්‍රති-ගිනි අවුලුවන ද්‍රව්‍ය එහි අඩංගු වේ. ආයුර්වේදයේ, PCOS සහ ගර්භාෂ ගැටළු ඇති කාන්තාවන් සඳහා ටොනික් ලෙස මිනිසුන් වියළි අශෝක පොතු සහ මල් භාවිතා කරයි. එහි කඳේ පොත්ත ඔසප් කාලය හා සම්බන්ධ සියලුම රෝග සඳහා ප්‍රතිකාර කරයි.
  • හාතවාරිය: කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග වලට විසඳුමක් ලෙස මෙන්ම කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ සෞඛ්‍ය සම්පන්නභාවය පවත්වා ගැනීම සදහා ද හාතවාරිය වැදගත් වේ.

මෙවැනි ඔබේ සෞඛ්‍යට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.

Back to list

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *