මහත් වුනාම හිතටත් හරි බරක් නේද?
මහත් වීමෙන් ශරීරයට රෝග ගෙන එනවා වගේම, එය මනසටත් විශාල බරක්. මේ තත්වය ඇති වෙන්න කලින් පාලනය කරගන්නේ කොහොමද? ආයුර්වේදයේ මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? අපි මේ ගැන කතා කරමු.
🤔 අධික බර කියන්නේ මොකක්ද?
අධික බර නැතිනම් තරබාරුව කියන්නේ අද මිනිසුන් අතර ඉතා වේගයෙන් වැඩි වෙමින් යන සෞඛ්‍ය ගැටලුවක්. බොහෝ දෙනා අධි බර ගැන සිතන්නේ රූපය හා හැඩය ගැන විතරයි. නමුත් ඇත්ත වශයෙන්ම අධික බර කියන්නේ ඔබේ හෘදය, අක්මාව, සන්ධි, මනෝභාවය දක්වා බලපාන දිගු කාලීන හා භයානක ප්‍රතිවිපාක ඇති කරන තත්ත්වයකි.
⚖️ ඔබේ බර වැඩිද? අඩුද? කියලා බලමු
සරලව කිව්වොත් බර වැඩි වෙනවා කියන්නේ අපි ගන්නා ආහාරවල ඇති අතිරික්ත මේදය ශරීරයේ විවිධ ස්ථානවල ගබඩා වීමයි. ඇතැම් විට මේ සඳහා ආහාර මෙන්ම හෝමෝන තත්වයන් ද බලපාන්න පුළුවන්.
බර වැඩි වීමේ ප්‍රමාණය හඳුනාගන්නට BMI (Body Mass Index) කියන සූත්‍රය භාවිතා කරනවා.
BMI ගණනය කිරීම:
BMI = බර (කි.ග්‍රෑ) ÷ උස (මීටර්)
- BMI 18.5 ට අඩු නම්: බර තව වැඩි කර ගත යුතුයි.
- BMI 18.5 – 24.9 අතර නම්: ඔබ උසට සරිලන බරක් සහිත පුද්ගලයෙක්.
- BMI 25 – 29.9 අතර නම්: ඔබට අධි බර තත්ත්වයක් තිබෙනවා.
- BMI 30 හෝ ඊට වැඩි නම්: ඔබ අධි ස්ථුලතා තත්ත්වයේ සිටිනවා.
🔍 බර වැඩි වෙන්න හේතු මොනවද?
ස්ථූලතාවයට ප්‍රධාන හේතු කීපයක් මෙන්න:
- වැරදි ආහාර රටා: කැලරි අධික ආහාර, සීනි අධික ආහාර, තෙල් සහිත මාංශ සහ processed foods නිතර ගැනීම.
- කම්මැලි ජීවන රටාව: ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදාගැනීම, රූපවාහිනිය හා දුරකථනය සමඟ කාලය ගත කිරීම.
- පාරම්පරික හේතු: පවුලේ සාමාජිකයන්ට ස්ථුලතාවය ඇත්නම්, බර වැඩි වීමේ ප්‍රවණතාවය වැඩි.
- හෝර්මෝන ගැටලු: Thyroid රෝග (Hypothyroidism), PCOS, Insulin resistance, Cushing’s syndrome වැනි රෝගී තත්වයන්.
- මානසික හේතු: ආතතිය (stress eating), කනස්සල්ල සහ අවපීඩනය නිසා වැඩිපුර ආහාර ගැනීම.
- මත්පැන් පානය: මත්පැන් වල අධික කැලරි ප්‍රමාණයක් අඩංගු නිසා නිතර නිතර පානයෙන් ස්ථුලතාවය වැඩි විය හැකියි.
- ඖෂධ: Steroids, Antidepressants වැනි ඖෂධ දිගු කාලයක් භාවිතා කිරීම.
⚠️ අධි බර නිසා ඇතිවන වෙනත් රෝග මොනවාද?
ස්ථූලතාවය කියන්නේ වෙනත් ලෙඩ රෝග ගණනාවක් ඇතිවීමට මුලික හේතුවක්. මෙන්න ඒ අතරින් ප්‍රධාන රෝග කිහිපයක්:
- අධි රුධිර පීඩනය (Hypertension)
- කොලෙස්ටරෝල් සහ Triglycerides වැඩිවීම
- හෘදයාබාධ (Heart Attack) සහ ස්ට්‍රෝක් (Stroke)
- දියවැඩියාව
- ශරීරයේ හෝමෝන හා සන්ධි ගැටලු
- පිළිකා අවදානම
- මානසික හා සමාජ ගැටලු
- වඳභාවය
- ගර්භණී සමයේදී ඇතිවන ගැටලු (Gestational diabetes)
🌿 ආයුර්වේදයේ තරබාරුකමට ප්‍රතිකාර තිබේද?
ඔව්, අධි බර කියන්නේ ආයුර්වේදයට අනුව කඵ දෝෂය අධික වීම සහ මේද ධාතු වැඩිවීම නිසා ඇතිවන තත්ත්වයක්. ආයුර්වේදයේ තරබාරුකම පාලනය කිරීම සඳහා ප්‍රධාන කරුණු තුනක් ගැන සලකා බලනවා.
1. ආහාර පාලනය:
- කැලරි සහ සීනි මට්ටම වැඩි ආහාර අඩු කරන්න.
- අමු දොඩම්, දෙළුම්, බෙලි, අන්නාසි වැනි පලතුරු වැඩිපුර ගන්න.
- හින් බෝවිටියා, හිල් කටරෝලු, මුරුංගා කොළ, ගොරකා වැනි දෑ ආහාරයට එකතු කරන්න.
- කැරට්, පිපිඤ්ඤා, ගෝවා, තක්කාලි වැනි අමු එළවළු සලාද සහ පැපොල්, අන්නාසි වැනි තන්තු බහුල පලතුරු ගන්න.
2. ඖෂධ:
සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මත, දේශීය ඖෂධ ලබා ගත හැකියි.
3. විහාර (ජීවන රටාව):
- නිතිපතා ව්‍යායාම කරන්න. උදෑසන පැය භාගයක් පමණ වේගයෙන් ඇවිදීම ඉතා සුදුසුයි.
- යෝගා අභ්‍යාස වල නිරත වන්න.
මෙම කරුණු තුනම සමබර ලෙස පාලනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි. එසේම, සර්වාත්ම අභ්‍යත්ය, ස්වේදන කර්ම, වමන, විරේචන වැනි විශේෂ ප්‍රතිකාර සඳහාද ඔබට යොමු විය හැකියි.
ඉතින්, අධි බර කියන්නේ අපේ ජීවිතයට ලොකු අවදානමක් වෙන්න පුළුවන් රෝගයක්. නමුත් ස්ථුලතාවය කියන්නේ ඔබට පාලනය කල හැකි තත්ත්වයක්. නිවැරදි ආහාර රටා, ව්‍යායාම, සහ නිවැරදි ජීවන රටාව මගින් ඔබේ බර අඩු කරගන්නත්, ඒ තුළින් රෝගාබාධ වලින් ආරක්ෂා වෙන්නත් ඔබට පුළුවන්.
අදම ඔබේ ජීවිතයට සරල වෙනසක් කරන්න!
