Pranasathakara Blogs

හීන් බෝවිටියා (Osbeckia octandra)

heenbovitiya-sinhala

හීන් බෝවිටියා, හැමෝම මේ දිනවල කතා වෙනවා,

  • කියන තරම්ම ප්‍රතිඵල මේකෙන් ලැබෙනවද?
  • අක්මාවට මේ හීන් බෝවිටියා කොහොමද බලපාන්නේ?
  • හීන් බෝවිටියා කැඳ විදියට විතරද බොන්න පුලුවන්?
හීන් බෝවිටියා ගැන සියලු විස්තර දැන ගැනීමට නම් සම්පූර්ණ ලිපියම කියවන්න.

🌿 හීන් බෝවිටියා හැඳින්වීම

හීංබෝවිටියා හුලං අතු බේදී පඳුරක් ලෙස වර්ධනය වන ශාකයකි. කුඩා අතු ශක්තිමත් වන අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. දම් පැහැති අලංකාරවත් මල දකුණු පළාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුබේ. දම් පැහැති ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. මෙහි කොළ සහ ළපටි දඬු ආහාරයට ගනී.

🌎 හීන් බෝවිටියා ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි?

  • මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එයින් අදහස් කරන්නේ එය ශ්‍රී ලංකාවේ ස්වභාවිකව වර්ධනය වන අතර අනෙකුත් රට වල ස්වභාවිකව වර්ධනය නොබේ යන්නයි.
  • එලෙසම ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය විද්‍යාවේදී මීට ඉතා ඉහල ඖෂධ වටිනාකමක් පවතී.

🔍 බෝවිටියා වර්ග හඳුනාගැනීම

අපි කොහොමද මේ රිදි හීන් බෝවිටියා ශාකය අඳුර ගන්නේ?

බෝවිටියා වර්ග කීපයක් පවතින අතර:

  • මහ බෝවිටියා
  • වැල් බෝවිටියා
  • මී බෝවිටියා
  • එල බෝවිටියා

ඉතාම ඖෂධීය වටිනාකමක් තියන හීන් බෝවිටියා ශාකය, කුඩා පඳුරු විදියට වැවේ. පත්‍ර හා මල් සාමාන්‍ය ප්‍රමාණයෙන් යුක්ත වේ.

මී බෝවිටියා, ගල් බෝවිටියා මධ්‍යම ප්‍රමාණයේ පඳුරු ලෙස වැඩෙන අතර, බොහෝ විට පර්වත ආශ්‍රිතව වර්ධනය වේ. පත්‍ර තරමක රළු ස්වභාවයක් ගනී.

මහා බෝවිටියා සාපේක්ෂව විශාල වන අතර පත්‍ර ද සාපේක්ෂව විශාල වේ.

කිරි බෝවිටියා කුඩා පත්‍ර සහිත වේ.

🌱 හීන් බෝවිටියා වලින් සෙම වැඩි වෙනවද?

ආයුර්වේදීය වශයෙන්, ශාකයක් සෙම හෙවත් කඵ දෝෂය වැඩි කරන්නේද, අඩු කරන්නේද යන්න එහි රස, ගුණ, වීර්ය, විපාක මත රඳා පවතී.

හීන් බෝවිටියා (Osbeckia octandra) සඳහා:

  • රස: තිත්ත කෂාය → මෙම රස දෙකම සාමාන්‍යයෙන් කඵ දෝෂය අඩු කරයි.
  • ගුණ: ලඝු, රූක්ෂ → කඵ දෝෂය අඩු කරයි.
  • වීර්ය: ශීත → පිත් දෝෂය සමනය කරයි. සමහර විට ඉතා සීතල ස්වභාවයක් ඇති පුද්ගලයින් අධික ලෙස භාවිතා කළහොත් කඵ දෝෂය තරමක් උග්‍ර කළ හැකිය.
  • විපාක: කටුක → කඵ දෝෂය අඩු කිරීමට ද උපකාරී වේ.

හීන් බෝවිටියා ආයුර්වේදානූකූලව රස, ගුණ, වීර්‍ය, විපාක ගැන සලකා බැලීමේදී සාමාන්‍යයෙන් කඵ දෝෂය වැඩි වීමක් සිදු නොකරයි. නමුත් අධිකව කඵ දෝෂ සහිත රෝග පවතින පුද්ගලයන්ගේ සෙම ගතිය වැඩි කිරීමට ඉඩකඩක් විය හැක.

🔬 ඖෂධීය ගුණයට බලපාන රසායනික සංයෝග

හීන් බෝවිටියා වල මෙම සංයෝග අඩංගු වේ:

  • Flavonoids (quercetin, kaempferol)
  • Tannins
  • Phenolic compounds
  • Saponins
  • Alkaloids

මේ ද්‍රව්‍යයන් යකෘත් සුරක්ෂිත කිරීම, සීනි පාලනය, හා රුධිර පිරිසිඳු කිරීමේදී මූලික භූමිකාව භාරගනී.

විද්‍යාත්මක පර්යේෂණවලින් හීන් බෝවිටියා තුළ පහත ගුණ තහවුරු කර ඇත:

  • Hepatoprotective (අක්මාව සුරකින)
  • Antioxidant (ප්‍රතිඔක්සිකාරක)
  • Anti-inflammatory (ප්‍රදාහය අඩුකරන)
  • Antibacterial (බැක්ටීරියා නාශක)
  • Antiviral (වෛරස් නාශක)
  • Hypoglycemic (රුධිර සීනි අඩුකරන)
  • Antimalarial (මැලේරියා නාශක)

🩺 අක්මාවේ ක්‍රියාකාරීත්වයට හීන් බෝවිටියා බලපාන අයුරු

අක්මාව මගින් අතිරික්ත ලිපිඩ අක්මාවේ තැන්පත් කරනවා වගේම අවශ්‍ය උනාම ඒ ලිපිඩ භාවිතා කරනවා. අපි නිතරම වගේ මේදමය ද්‍රව්‍ය අපේ ආහාරයට එකතු කරගන්නවා නම් අක්මාවේ නිතරම මේදමය අතිරික්තයක් ඉතුරු වෙනවා. මෙන්න මේ තත්වය තමයි අපි අක්මාවේ තෙල් තැන්පත් වෙනවා කියලා කියන්නේ.

හීන් බෝවිටියා මේ තත්වයට උදව් වෙන්නේ මෙහෙමයි:

  • අපි වැඩියෙන් මේදමය දේවල් ගත්තාම හීන් බෝවිටියා වල තියෙන flavonoids, polyphenols, tannins වැනි දේවල් ලිපිඩ බිඳ හෙලීම වේගවත් කරනවා. ඒ නිසා අක්මාවේ රැඳෙන අතිරික්ත තෙල් ප්‍රමාණයෙන් අඩු වීමක් වෙනවා.
  • එය අක්මාවේ hepatocyte ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අතර එමගින් අක්මාවේ fat metabolism (මේද පරිවෘත්තිය) ක්‍රියාවලිය දියුණු වේ.
  • එහි පවතින flavonoids, phenolic compounds, anthocyanins යන රසායනික සංයෝග මගින් ශරීරයේ පවතින LDL (අහිතකර කොලෙස්ටරෝල්) ඔක්සිකරණය වීම වළක්වයි.
  • පරීක්ෂණ මගින් තහවුරු කර ඇති පරිදි හීන් බෝවිටියා ශාකය මගින් total cholesterol, LDL, and triglycerides මට්ටම අඩු කරන අතර HDL (හිතකර කොලෙස්ටරෝල්) මට්ටම වැඩි කරනු ලබයි.
  • හීන් බෝවිටියා හි පවතින ගුණ නිසා ALT, AST වැනි (අක්මාවට හානි වූ විට ඉහළ යන) එන්සයිම අවම කිරීමට දායක වෙනවා.

💪 වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාභ

  • ආහාර ජීරණ පද්ධතියේ පවතින බඩ පිපෙන ගතිය, මල බද්ධය වැනි තත්වයන් අඩු කරයි.
  • ආහාර රුචිය වැඩි කරයි.
  • දියවැඩියාව පාලනයටත් හැකියාවක් පවතී.

🍽️ හීන් බෝවිටියා කැඳ විදියට විතරද ගන්න පුලුවන්?

නැහැ, කැඳ විදියට, තේ පානයක් ලෙස, හීන් බෝවිටියා ඇඹුල ලෙස වගේම සම්බෝලයක් විදියටත් අපි මේක ආහාරයට එක් කර ගන්න පුලුවන්.

Naturista Ceylon ප්‍රාණ සත්කාර වැඩසටහන් මගින් අපි ඉදිරියේදීත් විවිධ ඖෂධීය ගුණයෙන් යුත් දේවල් ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. Naturista Ceylon ප්‍රාණ සත්කාර වැඩසටහන සමග නිරන්තරයෙන් රැඳී සිටින්න.

Back to list

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *