මිනිස්සුන්ට තියෙන ජීවන බරට අමතරව දැන් කාලගුණික විපර්යාස නිසාත් ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙලා. මාස ගාණක් තිස්සේ අධික උණුසුමෙන් බැටකාපු අපේ ආදරණීය ජනතාවට දැන් අධික වර්ෂාව හින්දා බැටකන්න සිදුවෙලා. ඇයි මේ පාචනය ගංවතුර කාලේදි වැඩි වෙන්න? ගංවතුර වැනි තත්වයකදී ජල මුලාශ වලට මූත්‍ර, මල පහ, අපද්‍රව්‍ය එක්වී අපිරිසිදු වීම නිසා තමයි මේ රෝගි තත්වය ඇති වෙන්නෙ.
❓ පාචනය (Diarrhea) කියන්නේ මොකක්ද?
පාචනය යනු දිනකට 3 වරක් හෝ ඊට වැඩි වරක් දියරමය මල පහ විටින් විට පිට කීරීමයි. මෙම රෝගය බැක්ටීයා, වෛරස් හා පරපෝෂිත ජීවීන් හරහා බෝවීම සිදුවේ.
පහත සදහන් බැක්ටීරියා හා පරපොෂිතයන් මේ සදහා හේතු වේ:
- Salmonella spp
- Shigella
- Campylobactor
- E.coli බැක්ටීරියා
- Protozoa හා Entamoeba histolytica
🤒 රෝග ලක්ෂණ මොනවාද?
- මලපහ වතුර ගතියට දියාරුවට දවසට තුන් පාරකට වඩා වැඩියෙන් පිට වෙනවා.
- ශරීරයට ඇතුල් වෙලා තියෙන විසබීජයට අනුව ඇතැම් විට මලපහ සමග ලේ සහ සීදම් වගේ පිට වෙන්නත් පුළුවන්.
- බඩේ කැක්කුම.
- වමනය.
- තද උණ.
- මාංශ පේශීවල වේදනාව.
- ඇඟට පණ නැති ගතිය.
අවවාදයයි: පාචනය නිසා ඇතිවිය හැකි බරපතල තත්ත්වය වනුයේ විජලනය වීමයි. මඳ විජලන තත්ත්වය දියර වර්ග පානයෙන් යථා තත්ත්වයට පත් කර ගත හැකි වුවද දරුණු ලෙස විජලනයට පත් වී ඇත්නම් එය මරණයට පවා හේතු විය හැකියි.
⛺ අවතැන් කඳවුරු සහ අවදානම
ඔබ යම් හෙයකින් අවතැන් කඳවුරුවල සිටීනම් සුළු ඉඩකඩක විශාල ජනකායක් රැස්ව සිටි. එවිටද ඔබේ සනීපාරක්ෂාව දුර්වල වන අතර විසබීජ ශරීර ගත වීමට වැඩි ඉඩකඩක් ඇත.
එමෙන්ම එක් අයෙකුට පාචන තත්ත්වය සෑදී ඇත්නම් මෙවැනි අවතැන් කඳවුරු වලදී රැස්ව සිටින අනිත් පිරිසටද අවදානමක් මතුවේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර ඉතා වේගයෙන් පැතිරේ.
🛡️ රෝගයෙන් ආරක්ෂා වීමට ඔබ පිළිපැදිය යුතු කරුණු
- මිනිස් අසූචි මගින් දූෂණය නොවූ ආරක්ෂිත ජලය හොදින් උණු කර (නටන උෂ්ණත්වයේ විනාඩි 5 ක් වත් අවම තබන්න) පානය කීරීම.
- වැසිකිළි යාමේන් පසු දෑත් සබන් යොදා හොදින් දෑත් සොදා ගැනීම.
- හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනය කීරීම කල යුතුයි.
- පිසීමට භාජනය නොකරන (උෂ්ණත්වට භාජනය නොකරන) ආහාර ගලා යන ජලයෙන් කිහිපවරක් සෝදා හොදින් පිරිසිදු කර ගැනීම.
අධික ගංවතුර තත්වය හේතුවේන් ඔබටත් පාචනය රෝගී තත්වය වැලදීමේ සම්භාවිතාවක් ඇත. ඔබ රැකවරණ කදවුරක සීටී නම් ඔබ පොදු සනීපාරක්ෂක පහසුකම් භාවිතා කීරීමට සිදු වන අතර එවිට ආසාඩිත පුද්ගලයෙකුගෙන් ඔබට එම රෝගය බෝ විය හැක. එම නිසා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.
මෙවැනි ඔබේ සෞඛ්‍යට වටිනා බොහෝ කරුණු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.
