Pranasathakara Blogs

ඇයි මේ තරම් පිළිකා වැඩි වෙලා තියෙන්නේ

cancer

ජාතික පිළිකා දැනුවත් කිරීමේ දිනය (නොවැම්බර් 7)

දන්නවද අද දවස කවද්ද කියලා? නොවැම්බර් 7! ඇයි අද දවස විශේෂ ද? ඔව් අද දවස ඔයාට මට අපි හැමෝටම විශේෂ දවසක්. මොකද දන්නවද අද තමයි National Cancer Awareness Day, ඒ කියන්නේ පිළිකා පිළිබද දැනුවත් කිරීමට තමයි අද දවස විශේෂ වෙන්නේ. ඉතින් මේ වගේ දවසක පිළිකා ගැන කතා කරන්නේ නැතුව මග හරින්න පුලුවන් ද? කොහොමත් ම බැහැ. අද වෙන කොට හැම තැනම පිළිකා, බාල මහලු තරුණ මේ හැමෝටම පිළිකා.

පිළිකාව යනු කුමක්ද? ඊට හේතු

පිළිකා යනු සිරුරේ සෛල වල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර, එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛල වලින් හටගනී. සියලුම පිළිකා වලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්, පාලනයකින් තොරව ගුණනය වීමත් යන කරුණුය. කෙසේ නමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී.

පිළිකා ඇතිවීම සදහා බලපාන හේතුන්:

  • අධික දුම්කොළ භාවිතය
  • අධික මත්ද්‍රවය භාවිතය
  • රැකියා ආශ්‍රිත හේතූන් (ආකර/ලී කුඩු ඇස්බැස්ටස් ඩයි)
  • පරිසර දූෂණය ආශ්‍රිත හේතූන් (වායු/ජලය/පස)
  • ආහාර රටාවේ වෙනස්කම් (ක්ෂණික හා කෘත්‍රිම ආහාර)
  • ඖෂධවල බලපෑම
  • විකිරණ
  • දීර්ග කාලීන ආසාදන
  • ප්‍රතිශක්ති ඌණතා
  • ප්‍රවේණිගත තත්වයන්

⚠️ ඔබටත් මෙම අනතුරු ඇඟවීමේ ලක්ෂණ තියෙනවද?

මෙවැනි කරුණක් ඇති වුවහොත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්ය:

  • කල් පවතින කැස්සක් හෝ කට හඬ වෙනස් වීමක්
  • සුව නොවන තුවාලයක්
  • ගැටයක්, ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්
  • පියයුරු වල හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්
  • යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක්
  • මළ හෝ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්
  • කල් පවතින අජීරණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක්

මෙවැනි ලක්ෂණ ඔයාටත් තියෙනවනම් වෛද්‍යවරයකු හමු වී පරීක්ෂා කර ගැනීම වැදගත්.

🌿 පිළිකා රෝගීන්ට ගුණදායක ආහාර

අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ආහාරපාන මත යැපෙමිනි. සුදු හීනටි, කළු හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලු තුඩ ආදී සියලු දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත.

කරවිල: පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවකි. පිළිකා නාශක ගුණයට අමතරව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. සමේ පලු දැමීම දුරු කරයි. අර්ශස් රෝගීන්ට ගුණ දෙයි.

අනෝදා: විශේෂයෙන්ම මෙහි පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇත. බඩ වැලේ පිළිකා, පෙනහලු පිළිකා, අග්න්‍යාශයේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාවක් පවතී. වෛරස් බැක්ටීරියා නාශක ගුණය, අධික රුධිර පීඩනය නැති කිරීමට ද උදව් වේ. මානසික ආතතිය දුරලයි. පිළිකාවකදී ඇතිවන හිසකේ ගැලවී යාම, බර අඩු වීම වැනි ලක්ෂණ අඩු වේ.

රතු අල හෙවත් බීට් රූට්: පිළිකා නසන ගුණය ඇත. මල බද්ධය දුරු කරයි. අධික රුධිර පීඩනය අඩු කරයි. පිළිකා සෛල වර්ධන වේගය අඩු කරයි. අක්මාව හා වකුගඩු ආරක්ෂා කරයි. රුධිරය නිපදවීමට උදව් වේ.

දුරියන්: මනා ගුණ දෙන පලතුරකි. කාන්තා රෝග වලට ගුණ දෙයි. සිරුර සිසිල් කරයි. බලය වඩයි. පිළිකා නසන ගුණය ඇත. පිළිකා සෑදීමේ වේගය අඩු කරයි. ඇස් පෙනීම දියුණු කරයි. ආහාර හොඳින් දිරවයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.

දෙළුම්: පලතුරු අතර සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම්වල, සිරුරට ඉතාමත් හිතකර සංයෝග අඩංගු වේ. විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව ය.

කටුපිල: පිළිකා නාශක ගුණය පිළිබඳව සලකා බැලීමේ දී කටුපිල ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙහි ඇති විෂ නාශක ගුණය හා රක්ත ප්‍රසාදිනී ගුණය පිළිකා නැසීමට හේතු වන බව ආයුර්වේද මතය යි. කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මගින් ගර්භාෂ පිළිකා සෛල මර්දනය කිරීමට කටුපිල ශාකයේ සාරයට හැකියාව ලැබී තිබේ. ගර්භාෂ පිළිකා වලට අමතරව පියයුරු පිළිකා තත්ව පාලනයට ද මෙම ශාකය ඉවහල් වන බව පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත.

🩸 ලේ වල ඝනත්වය සහ පලා වර්ග

ගොටුකොළ, මුකුණුවැන්න, තෙබුකොළ, කොහිල දළු, කෝවක්කා කොළ: මෙම ආහාර වර්ග ගැනීමෙන් ලේ වල ඇති ඝනත්වය අඩු කරයි. එනම් භාෂ්මිකතාව (alkalinity) වැඩි කරයි. ලේ වල ඝනත්වය ඇති කිරීමට හේතු වන ආහාර වන්නේ ආම්ලිකතාවය වැඩි ආහාර වර්ගය. එම ආහාර නිතර ගැනීමෙන් ලේ වල ඝනත්වය වැඩි වී ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත රුධිර සැපයුම අඩු වී එම ඉන්ද්‍රියයන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම ඉන්ද්‍රියයන්හි පිළිකා හටගත හැකිය. එසේම ලේ වල ඝනත්වය වැඩි වීමෙන් ඉතා පහසුවෙන් පිළිකා සෛල හටගනී.

මෙවැනි ආහාර පාන පිළිකා රෝගින්ට ගුණදායක් වගේම, පිළිකා වලින් වැලකීමට ඔයාටත් භාවිතා කරන්න පුලුවන්.

මෙවැනි ඔබේ සෞඛ්‍යට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.

Back to list

Leave a Reply

Your email address will not be published. Required fields are marked *