What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

ඇයි අද කාලේ ගොඩක් අයට  ❤️‍🩹 HEART ATTACK එන්නේ? 🤔
Lifestyle Admin Aug 24. 2026

ඇයි අද කාලේ ගොඩක් අයට ❤️‍🩹 HEART ATTACK එන්නේ? 🤔

Naturista ප්‍රාණ සත්කාර 🌿

ඇයි මෙච්චර අයට එකපාරටම හාට් ඇටෑක් එන්නේ? ❤️‍🩹

හදවත කියන්නේ නොනවත්වා වැඩකරන එන්ජිමක් වගේ. ඒකට ලේ සපයන නාල අවහිර වීම තමයි හාට් ඇටෑක් එකකට ප්‍රධානම මුල.

💚 Naturista අපේ ප්‍රාණ සත්කාර වැඩසටහනෙන් අපි නිතරම ඔයාලත් එක්ක විවිධ රෝග ගැන කතා කරනවා නේ. ඉතින් අද මම ඔබත් එක්ක කතා කරන්න හිතුවේ අපේ සමාජයේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම බයක් වෙන හෘදයාබාධ ❤️‍🩹 (Heart Attacks) ගැන.

වෛද්‍යවරයෙක් විදිහට සායනයට එන බොහෝ දෙනෙක්ගෙන් මට අහන්න ලැබෙන ප්‍රශ්නයක් තමයි "Doctor, ඇයි මෙච්චර අයට එකපාරටම හාට් ඇටෑක් එන්නේ?" 😢 කියන එක.

ඇත්තටම අපේ හදවත කියන්නේ නොනවත්වා වැඩකරන එන්ජිමක් 🔋🔩🛠️ වගේ. ඒ එන්ජිමට ලේ සපයන රුධිර නාල (Coronary Arteries) ඇතුලේ තෙල්/කොලෙස්ටරෝල් තැන්පත් වෙලා අවහිර වීම තමයි හාට් ඇටෑක් එකකට ප්‍රධානම මුල.

🛠️ අපිට වෙනස් කරන්න පුළුවන් ප්‍රධාන හේතු (Modifiable Risk Factors)

අපිට වෙනස් කරගන්න පුළුවන් අවදානම් සාධක කිහිපයක්ම තියෙනවා. මොනවාද ඒ කියලා දැන ගන්න කැමතිද? ☺️

  • අධික රුධිර පීඩනය (High Blood Pressure): ප්‍රෙෂර් වැඩි වුණාම රුධිර නාලවල ඇතුළු බිත්ති වලට හානි වෙනවා. ඒකෙන් ලේ ලෙඩ වීම සහ කැටි ගැසීම ලේසි වෙනවා.
  • අධික කොලෙස්ටරෝල් (High Cholesterol): විශේෂයෙන්ම LDL (අහිතකර කොලෙස්ටරෝල්) වැඩි වුණාම රුධිර නාල ඇතුලේ තෙල් තට්ටු (Plaque) බැඳිලා ලේ ගමනාගමනය හිරවෙනවා.
  • දියවැඩියාව (Diabetes): රුධිරයේ සීනි මට්ටම පාලනය නැති වුණාම කාලයක් යද්දී හදවතට යන රුධිර නාල හානියට පත්වෙනවා.
  • දුම්පානය සහ මධ්‍යසාර: සිගරට් වල තියෙන නිකොටින් නිසා රුධිර නාල හීනි වෙනවා වගේම ලේ කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි වෙනවා.
  • අසමබර ආහාර රටාව සහ ව්‍යායාම මදිකම: තෙල්, සීනි, ලුණු අධික කෑම සහ එකතැන ඉඳගෙන වැඩකිරීම නිසා බර වැඩිවී හදවතට දෙන පීඩනය වැඩිවෙනවා. 🍢🍣🥘🍚
  • අධික මානසික පීඩනය (Stress): දිගටම තියෙන ස්ට්‍රෙස් එක නිසා ඇඟ ඇතුලේ හෝමෝන වෙනස්වෙලා රුධිර පීඩනය ඉහළ යනවා. 🥵😠😥

🤔 වෙනස් කරන්න බැරි හේතු මොනවාද? (Non-Modifiable Risk Factors)

මේ දේවල් වෙනස් කරන්න බැරි වුණත්, ඔයාට තියෙන අවදානම හඳුනාගන්න පුළුවන්. ඒකත් හොඳයිනේ නේද? එතකොට පරිස්සම් වෙන්න ලේසියි! 🤗

  • පරම්පරාව (Genetics): පවුලේ අයට (අම්මා/තාත්තා/සහෝදරයින්) තරුණ වයසේදී හාට් ඇටෑක් ඇවිත් තියෙනවා නම් අවදානම වැඩියි.
  • වයස (Age): වයස අවුරුදු 45ට වැඩි පිරිමින්ට සහ 55ට වැඩි කාන්තාවන්ට අවදානම ඉහළයි.
  • ස්ත්‍රී/පුරුෂ භාවය (Gender): සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පිරිමින්ට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි (නමුත් ආර්ථවහරණයෙන් පසු කාන්තාවන්ගේ අවදානමද ඉහළ යයි).

🏃🏻‍♂️ Doctor, මොනවාද ඉතින් අපිට කරන්න පුළුවන් දේ? 😟

ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත් බොනවාට වඩා නුවණට හුරු දේ තමයි කලින්ම ආරක්ෂා වෙන එක:

  • අවුරුදු 35 පැන්නා නම් අවුරුද්දකට සැරයක්වත් රුධිර පීඩනය, සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්න.
  • දවසට විනාඩි 30ක්වත් ඇවිදින්න 🚶🏻‍♂️.
  • නැවුම් එළවළු සහ පළතුරු 🥚🌽🥦🥒 කෑමට එකතු කරගන්න.
  • විශේෂයෙන්ම ගොඩක් තෙල් කෑම 🫕🍖, සීනි, පිටි කෑම, කල්තියාගන්න කෑම, සහ කෘතිම කෑම කන එක පාලනය කරගන්න.
❤️‍🩹 ඔබේ හදවත සුරක්ෂිතව තබාගන්න අදම පුංචි වෙනසක් පටන් ගනිමු!
🖊️ වෛද්‍ය නෙත්මිණි කදනආරච්චි

මෙම තොරතුරු ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න අමතක කරන්න එපා! ❤️👇

❤️ මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැඳී සිටින්න.

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ⭐⭐

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල