Naturista ගොවි සවිය
2024 අවසාන භාගයේ "Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ ආරම්භ කල "Naturista ගොවි සවිය" යන ගොවි සමිතිය ආරම්භ ලදී. මෙහිදී මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වුයේ ලංකාව පුරා විහිදී සිටින විවිධ ඖෂධ ශාක, පැළෑටි වගා කරන සහ පරිසරයේ ඉබේ වැවෙන ඖෂධ ශාක සුලබ ප්‍රදේශ වල පුද්ගලයින් එකතු කොට ඔවුන් සතු සම්පත් වලින් ප්‍රයෝජනයක් ඇති වෙළදපොලක් ගොඩනාග සිටුවීම මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. 2025 අවසාන භාගය වන විට ගොවියන් සහ සැපයුම්කරුවන් 300++ අධික පිරිසක් Naturista ගොවි සවිය සමග අත්වැල් බැද ගන්නා ලදී.
වර්තමානය වන විට මේ ආකාරයෙන් Naturista ගොවි සවිය සමග අත්වැල් බැද ගත් රටපුරා සිටින ගොවියන් සහ සැපයුම්කරුවන්ගෙන් ක්‍රමානුකුලව නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පාරිසරික වශයෙන් විනාශ නොවන ආකාරයට ශාක පද්ධතියට හානියක් නොවන ආකාරයෙන් සහ එකතු කර ගන්නා අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී හෝ අතිරික්ත එකතු වී විනාශ නොවන ආකාරයට විශේෂ ක්‍රමවේදයක් යටතේ ලබා ගනිමින් සීටී.