හදවත් රෝග සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද? ❤️
බෝ නොවන රෝග අතර වඩා අවදානම් තත්ත්වයේ පවතින රෝගයක් ලෙස හෘද රෝග හඳුන්වා දිය හැකියි. මේ ගැන ඔබේ අවධානය යොමු වීම අත්‍යවශ්‍යයි.
🫀 හෘදයාබාධයක් යනු කුමක්ද?
හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය ගමනාගමනය කරන කිරීටක ධමනි අවහිර වීම නිසා ඇති වන හෘදයේ අකර්මණ්‍යතාවයයි. මෙය මාරාන්තික තත්වයකි.
⚠️ පුර්ව හෘදයාබාධ ලක්ෂණ
- පපුවේ ඇති වෙන දැඩි තෙරපුම.
- ක්ලාන්ත ස්වභාවය.
- දහදිය දැමීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය.
- අධික නොසන්සුන් බව.
- වමනය දැමීමේ අවශ්‍යතාවය.
- විශේෂ: ඇතැම්විට වයස්ගත පුද්ගලයන් හා දියවැඩියාවෙන් පෙලෙන අයට කිසිදු පපුවේ වේදනාවක් නොදැනීමටද පුළුවන.
🩺 හෘදයාබාධ ඇති වෙන සුලබ හේතු
- දුම්පානය
- රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියා මට්ටම
- නුසුදුසු ආහාර රටා
- ව්‍යායාම නොකිරීම සහ අධික තරබාරුව
- ජානමය බලපෑම්
❓ සෑම පපුවේ වේදනාවක් ම හෘදයාබාධයක් ද?
නැත, ඇතැම්විට එය මාංශ පේශි වේදනාවක් හෝ අස්ථි වේදනාවක් හෝ ගැස්ට‍්‍රයිටීස් (Gastritis) තත්වයක් විය හැකි වේ. ඒ නිසා ඔබේ සෞඛ්‍ය සුවතා පරීක්ෂණ සිදු කිරීමෙන් ඔබට හෘදයාබාධ තත්ත්ව කල්තියා හඳුනාගෙන වළක්වා ගැනීමට හැකියාව තිබේ.
🚨 හදිසි හෘදයාබාධයක් ඇති වෙන ආකාරය
පපුව මැදින් හෝ වම්පසින් ඇති වෙන දැවිල්ල හෝ තෙරපීමක් හෝ හිර කිරීමක් ප‍්‍රධාන වශයෙන් ඇති වෙන අතර මෙය විනාඩි 20ක් පමණ පැවතිය හැකි වේ. මෙය වම අත, බෙල්ල හා හකු දක්වා පැතිර යන අතර හුස්ම ගැනීමේ අපහසු තාවයක් සහ අධික දහදිය දැමීමක් ඇති වේ.
🌿 හදවත් රෝගවලින් වැළකීමට අනුගමනය කළ යුතු පියවර
- පෝෂ්‍යදායක ආහාර ගන්න
- නිතිපතා ව්‍යායාම වල නිරත වෙන්න
- නියමිත බර පවත්වා ගන්න
- දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න
COMMENTS
No comments yet. Be the first to leave one!