What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

❤️‍🩹 හදවත නිරෝගීව තියාගන්න අපි කන්න ඕනේ මොනවාද? 🤔
Lifestyle Admin Aug 31. 2026

❤️‍🩹 හදවත නිරෝගීව තියාගන්න අපි කන්න ඕනේ මොනවාද? 🤔

Naturista ප්‍රාණ සත්කාර 🌿

හදවත නිරෝගීව තබාගන්නා ආයුර්වේද ආහාර රටාව 🥗❤️

හදවත් රෝගීන් ප්‍රමාණය වැඩි වන මේ කාලයේ, ඔබේ හදවත නිරෝගීව තබා ගැනීමට එදිනෙදා ආහාර වේල සකස් කරගන්නා ආකාරය ආයුර්වේදානුකූලව දැනගනිමු.

දැන් අපේ රටේ හම්බුවෙන හදවත් රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා 😢. මං හිතෙන්නේ හැම ගෙදරකම වගේ Heart patient කෙනෙක් ඉන්නවා 😥. මේක නොසලකා හරින්න ඕනේ කාරණයක් නෙමෙයි 😥😥😰.

ඉතින් ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට, හදවත නිරෝගීව තබා ගන්න සහ හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්න අපේ එදිනෙදා ආහාර වේල සකස් කරගන්නේ කොහොමද කියලා ඉතාම සරලව කියලා දෙන්නම්. 🥰🥰 මං හිතන්නේ ඒක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙයි 🥰.

ආයුර්වේදයට අනුව හදවත කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධානම ප්‍රාණායතනයක් (ජීවිතය පවතින ස්ථානයක්). හදවත නිරෝගීව තියාගන්න නම් රක්ත ධාතුව සහ කප, පිත, වාත කියන දෝෂ තුන සමබරව තබා ගැනීම ඉතාම වැදගත්.

❤️‍🩹 Heart patient ලාට හොඳ කෑම මොනවාද?

  • 🥦🥬 එළවළු සහ පලා වර්ග: කරවිල, පතෝල, තිබ්බටු, කැකිරි වැනි දේවල තියෙන තිත්ත සහ කෂාය රසය නිසා ලේ වල තියෙන අනවශ්‍ය තෙල් (කොලෙස්ටරෝල්) නැති කරලා රුධිර නාළ පිරිසිදු කරනවා. 🥙🥗 ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, තම්පලා වැනි පලා වර්ග මගින් රුධිර සංසරණය යහපත් කරනවා.
  • 🧄 සුදු ලූණු සහ රතු ලූණු: හදවතට ඉතාම ගුණදායකයි. දිනපතා අමු සුදු ලූණු බික් 1-2ක් හෝ ආහාරයට එකතු කරගැනීමෙන් රුධිර නාළ ඇහිරීම පාලනය වෙනවා.
  • 🍞🧆 ධාන්‍ය සහ කුරක්කන්: රතු කැකුළු බත්, කුරක්කන්, ඕට්ස්, තල වැනි පිරිසිදු නොකළ ධාන්‍ය වර්ගවල කෙඳි (Fiber) වැඩි නිසා ලේ වල තෙල් මට්ටම සහ සීනි මට්ටම පාලනය කරනවා. කුරක්කන් තලප, කුරක්කන් කැඳ හදවතට ගොඩක් හොඳයි.
  • 🍶 ඖෂධීය පාන සහ කැඳ වර්ග: වෙනිවැල්ගැට, කොත්තමල්ලි සතියකට වතාවක් හෝ තේ වෙනුවට පානය කිරීම රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වෙනවා. 🍵🍵 හීංබෝවිටියා, කරපිංචා කැඳ, උළුහාල් කැඳ, සුදුලූණු කැඳ කොලෙස්ටරෝල් අඩු කර හදවත ශක්තිමත් කිරීමට ඉතා විශිෂ්ටයි.
  • 🍅🥭 පළතුරු වර්ග: ඇඹුල් කෙසෙල්, නෙල්ලි, දෙළුම්, පැපොල්, පේර. දෙළුම් මගින් රුධිර නාළවල නම්‍යශීලී බව වැඩි කර ශක්තිය වර්ධනය කරයි.
  • 🥥 තෙල් වර්ග: ආහාර පිසීමට ගැඹුරු තෙලෙන් බදිනවා වෙනුවට තැම්බූ එළවළු ලෙස ගැනීම සුදුසුයි. තෙල් භාවිත කරන්නේ නම් තල තෙල් හෝ ඉතා අඩුවෙන් පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් භාවිත කරන්න.

⚠️ කන්න හොඳ නැති දේවල් මොනවාද?

හරි දැන් අපි කිව්වේ කන්න හොඳ කෑම නේ. ඉතින් කන්න හොඳ නැති ඒවා කිව්වේ නෑ නේ. එහෙනම් මෙන්න 😃:

  • අධික ලුණු (Salt): ලුණු වැඩිපුර කෑමෙන් අධික රුධිර පීඩනය (High BP) ඇතිවී හදවතට විශාල පීඩනයක් එනවා. ලුණු දෙහි, අච්චාරු, බයිට් 🍫🍨🥠 වර්ග සහ පැකට් කළ කෑම සීමා කරන්න.
  • ගැඹුරු තෙලෙන් බැදපු කෑම (Deep Fried): 🥟🦪🍤 රෝල්ස්, පැටිස්, කට්ලට්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි තෙල් අධික කෑම මගින් රුධිර නාළ තුළ තෙල් තැන්පත් වේ.
  • සීනි සහ කෘත්‍රිම පැණි රස කෑම: පැණි බීම, 🍨🍢🍸🍹 කේක්, බිස්කට්, අයිස්ක්‍රීම් මගින් ශරීරයේ බර වැඩිවී හදවතට වෙහෙසක් ගෙනදෙයි.
  • තදින් සකස් කළ මස් 🥩 (Red Meat): හරක් මස්, ඌරු මස් සහ ප්‍රොසෙස් කළ මස් (සොසේජස්, බේකන්) භාවිතය නතර කිරීම වඩාත් සුදුසුයි.
❤️‍🩹 ඔබේ හදවත සුරක්ෂිතව තබාගන්න අදම පුංචි වෙනසක් පටන් ගනිමු!
🖊️ වෛද්‍ය නෙත්මිණි කදනආරච්චි

මෙම තොරතුරු ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න අමතක කරන්න එපා! ❤️👇

❤️ මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැඳී සිටින්න.

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ⭐⭐

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල