ස්වභාවිකවම ලස්සන සමක් ලබාගන්න ආයුර්වේද රහස් 🍀
කිසිම අතුරු ආබාධයක් නැතුව, අපේම පැරණි ආයුර්වේද ක්‍රම පාවිච්චි කරලා ගෙදරදීම ලස්සන සමක් ලබාගන්නා හැටි අද අපි බලමු.
අපි හැමෝම කැමතියි🥰 නේද ලස්සන, නිරෝගී සහ දීප්තිමත් සමකට? ඒත් ඉතින් කාර්යබහුල ජීවිතයත් එක්ක රැකියා කරන ගමන්, ගෙදර වැඩත් කරගෙන සම ගැන හරියටම බලාගන්න එක ලේසි නැහැ.😰 ඒ වගේම වෙළඳපොලේ තියෙන විවිධ රසායනික ක්‍රීම් වර්ග පාවිච්චි කරලා සමට හානි කරගත්ත අයත් අනන්තවත් ඉන්නවා. හරිම සරලයි, ඔයාලටත් ගෙදරදීම මේවා කරලා බලන්න පුළුවන්!
🤔 1. මුලින්ම දැනගනිමු, ඔබේ සමේ වර්ගය මොකක්ද කියලා?
ආයුර්වේදයට අනුව හැමෝගෙම සම එක වගේ නැහැ. අපේ ශරීරයේ තියෙන දෝෂ (වාත, පිත්ත, කප) අනුව සම වර්ග තුනකට බෙදෙනවා:
- 💙 වියළි සම (වාත): ඉක්මනින් රළු වෙනවා, සමහර විට වියළි ගතිය වැඩි වෙලා රැළි වැටෙන්නත් පුළුවන්.
- 💛 සංවේදී හෝ උණුසුම් සම (පිත්ත): කුරුලෑ, ලප කැලැල් සහ අව්වට පිච්චීම ඉක්මනින්ම වෙනවා.
- 🤎 තෙල් සහිත සම (කප): නිතරම තෙල් ගතිය වැඩියි, කුරුලෑ සහ බ්ලැක්හෙඩ්ස් (Blackheads) එන්න පුළුවන්.
🌿 2. ලස්සන සමකට කරන්න පුළුවන් සරල පුරුදු මොනවාද?
- හොඳට වතුර බොන්න: දවසට උණුසුම් වතුර (🫖🥛🫗🍶🧊) හරි ඖෂධීය වතුර හරි හරියට බීපුවම, ශරීරයේ තියෙන නරක විෂ ද්‍රව්‍ය ඉවත් වෙලා සම පිරිසිදු වෙනවා.
- නැවුම් පලතුරු කෑම වේලට එකතු කරගන්න: පුළුවන් තරම් නැවුම් පලතුරු, එළවළු කන්න (🍓🍅🥭🍈🍆🍍🥥🍇). පුළුවන් තරම් තෙල් වැඩි, ක්ෂණික ආහාර (🥫🥟🌮🍝🥘) (Fast food) ටිකක් අඩු කරන්න.
- උදේට හිස් බඩට: අලුත් කෝමාරිකා මද ටිකක් හෝ නෙල්ලි යුෂ (🍈) ස්වල්පයක් බිව්වොත් සම ඇතුළෙන්ම පැහැපත් වෙනවා.
- සුවදායී නින්දක්: රෑට (😴😴) හොඳට නිදාගන්න එක තමයි සමේ තරුණ බව රකින්න තියෙන හොඳම බෙහෙත!
✨ 3. ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක්
කිසිම අතුරු ආබාධයක් නැතිව, ඔබේ මුළුතැන්ගෙයි ඇති ද්‍රව්‍ය වලින්ම මේවා හදාගන්න පුළුවන්.
- අවශ්‍ය ද්‍රව්‍ය: කහ කුඩු ටිකක් (චුට්ටක්), සඳුන් කුඩු මේස හැඳි 1ක් සහ රෝස වතුර ටිකක්.
- හදාගන්නේ කොහොමද?: මේ ඔක්කොම එකතු කරලා හොඳට පේස්ට් එකක් වගේ හදාගන්න. මුහුණේ ගාගෙන විනාඩි 15ක් විතර තියලා මඳ උණුසුම් වතුරෙන් හෝදලා දාන්න. ලප කැලැල් මකන්න මේක හරිම හොදයි. 🥰
- අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කෝමාරිකා ජෙල් ටිකක් සහ මීපැණි තේ හැඳි 1ක්.
- හදාගන්නේ කොහොමද?: දෙකම එකතු කරලා මුහුණේ ආලේප කරලා විනාඩි 15කින් සෝදාහරින්න. සම හරිම මෘදු වෙයි.
(ඔබේ සම නීරෝගී ව තියා ගන්න අවශ්‍ය ඔබ පානය කල යුතුම ආයුර්වේද පාන රැසක තොරතුරු ඊලග ලිපියෙන් අරන් එන්නම්කෝ!)
COMMENTS
No comments yet. Be the first to leave one!