What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

👶 පොඩි බබාලට නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නේ ඇයි? 🤔
Lifestyle Admin Aug 03. 2026

👶 පොඩි බබාලට නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නේ ඇයි? 🤔

Naturista ප්‍රාණ සත්කාර 🌿

පොඩි බබාලට නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නේ ඇයි? 🤔 (ආයුර්වේදයට අනුව ඇත්තම කතාව)

"අනේ මේ ළමයට විතරක් ඇයි මෙහෙම නිතරම ලෙඩ හැදෙන්නේ?" ආයුර්වේදයට අනුව මේක බය වෙන්න දෙයක් නෙවෙයි, ඒක ළමා කාලයේ ස්වභාවික ලක්ෂණයක්!

ඔයාගේ ගෙදරත් පොඩි බබෙක් ඉන්නවා නම්, එයාට සතියෙන් සතියට හෙම්බිරිස්සාව, නැත්නම් කැස්ස හැදෙන එක සාමාන්‍ය දෙයක් නේද? ඔයාටත් හිතිලා ඇති "අනේ මේ ළමයට විතරක් ඇයි මෙහෙම නිතරම ලෙඩ හැදෙන්නේ?" කියලා. හැබැයි ආයුර්වේදයට අනුව නම් මේක බය වෙන්න දෙයක් නෙවෙයි. ආයුර්වේදයේ ළමා රෝග ගැන කියවෙන "කෞමාරභෘත්‍ය" (Kaumarabhritya) ශාස්ත්‍රයට අනුව මේකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා.

👶 1. ළමා කාලය කියන්නේ "කඵ" (Kapha) කාලයට!

ආයුර්වේදයේ කියන විදිහට අපේ මුළු ජීවිත කාලයම ප්‍රධාන දෝෂ 3 කට බෙදෙනවා:

  • ළමා කාලය: කඵ (Kapha) දෝෂය වැඩියි
  • තාරුණ්‍යය: පිත්ත (Pitta) දෝෂය වැඩියි
  • මහලු කාලය: වාත (Vata) දෝෂය වැඩියි

ළමයි ශරීරයෙන් වේගයෙන් වැඩෙන කාලයේදී එයාලගේ ඇඟේ ස්වභාවයෙන්ම "කඵ" දෝෂය (Kapha Dosha) වැඩියි. කඵ වැඩි වෙනකොට ඇඟේ සෙම, සොටු සහ බර ගතිය වැඩි වෙනවා. ඉතින් පොඩි එකාට චුට්ටක් සීතල වුණ ගමන් කෙළින්ම එන්නේ හෙම්බිරිස්සාව තමයි!

🔥 2. බබාලගේ බඩේ ගින්න (Agni) තාම පොඩියි!

ආයුර්වේදයේ කියන්නේ අපේ ප්‍රතිශක්තිය (Immunity) තීරණය වෙන්නේ අපේ බඩේ තියෙන "අග්නිය" (Agni / Digestive Fire) අනුව කියලා. පොඩි බබාලගේ මේ අග්නිය තාම හරිම සූක්ෂමයි. ඉතින් එයාලට මේ වගේ දේවල් දුන්නාම බඩට ඒ කෑම ලේසියෙන් දිරවගන්න බෑ:

  • ශීතකරණයේ තියපු සීතල කෑම සහ බීම
  • පැණි රස කෑම, චොකලට්, අයිස්ක්‍රීම්
  • රෑට කන පැණි රස හෝ කිරි කෑම

අඩුවෙන් දිරවපු කෑම වලින් ඇඟ ඇතුළේ "ආම" (Ama - Toxins / අමු විෂ) හැදෙනවා. මේ අමු විෂ සහ කඵ (සෙම) එකතු වුණාම නාල හිරවෙලා හෙම්බිරිස්සාව සහ කැස්ස හැදෙනවා.

🛡️ 3. ප්‍රතිශක්තිය (Ojas) තාම හැදීගෙන එන්නේ

බබාලගේ ප්‍රතිශක්තිය, එහෙමත් නැත්නම් ආයුර්වේදයෙන් කියන "ඕජස" (Ojas) තාම හොඳටම වර්ධනය වෙලා නෑ. ඒ නිසා කාලගුණය පොඩ්ඩක් වෙනස් වෙනකොට, හුළං වදිනකොට නැත්නම් වැස්සට අහුවුණාම ඉක්මනින්ම සෙම ඇවිස්සෙනවා.

💚 බබාලට හෙම්බිරිස්සාව අවුස්සන අපේ වැරදි පුරුදු:

  • අපේ ආහාර (Diet) වැරදි: ෆ්‍රිජ් එකේ තියපු කෑම/බීම දීම, අයිස්ක්‍රීම්, තෙල් කෑම, රෑට කිරි හෝ දෝසි දීම.
  • අපේ ජීවන රටාවේ (Lifestyle) වැරදි: තද සීතල AC එකේ තියීම, නෑව්වට පස්සේ තෙත කොණ්ඩය වේලන්නේ නැතිව තැබීම, හවසට නෑවීම.

මේ වගේම මේ රෝගයේ මුල් අවස්තාවේදී අපිට ගෙදර කරන්න පුලුවන් අත් බෙහෙත් වගේම අපි පිලිපදින්න ඕනෙ හොද පුරුදු ගැනත් අපි ඊළඟ ලිපියෙන් කතා කරමු! 🥰

🖊️ වෛද්‍ය නෙත්මිණි කදනආරච්චි

මෙම තොරතුරු ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න අමතක කරන්න එපා! ❤️👇

❤️ මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැඳී සිටින්න.

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ⭐⭐

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල