What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00
Free shipping for orders island wide

Your Wishlist 0

ආමාශයේ මිතුරා – බෙලි (Bael Fruit) 🍈
Uncategorized · Admin ·

ආමාශයේ මිතුරා – බෙලි (Bael Fruit) 🍈

Share:

බෙලි කියන්නේ පෝෂණ ගුණයෙන්, ඖෂධීය ගුණයෙන් ඉහල වටිනාකමක් තියෙන පළතුරක්. බෙලි මල්, පොතු, කොළ, මුල්, ගෙඩි මේ පංචාංගම අපි භාවිතා කරනවා. ඒ තරම් වටින ශාකයක් තමයි මේ බෙලි. හැබැයි අපි අද කතා කරන්නේ බෙලි ගෙඩි ගැන. පංචාංගය ගැන කතා කරන්න ගියොත් දවසක් ම උනත් ඒ ගැන ලියන්න පුලුවන්.

🩺බෙලි කියන්නේ බඩට දිව්‍ය ඖෂධයක්?

බෙලි වල තියෙන විශේෂම දේ තමයි එහි ඇති “ෆෙරෝනියා ගම්” (Feronia Gum) කියන ස්වභාවික මැලියම් ගතිය.

  • බඩේ තුවාල සිමෙන්ති දාලා වහනවා වගේ: ඔබ බෙලි කෑවම, එහි තියෙන ලිස්සන සුළු මැලියම් පටලය ආමාශයේ බිත්ති වල තැන්පත් වෙනවා. ගැස්ට්‍රයිටිස් නිසා හැදුනු තුවාල (Ulcers) වටා මේ පටලය බැඳිලා, අම්ල (Acid) වැදීම නවත්වලා තුවාල වේගයෙන් සුව කරනවා.
  • බඩේ කුණු අයින් කරනවා: බෙලි වලට පුළුවන් බඩවැල් වල මුල්ලක රැඳිලා තියෙන පරණ මලපහ සහ විෂ ද්‍රව්‍ය (Toxins) “මෘදු විරේකයක්” මගින් ඉවත් කරන්න.

🌿ආයුර්වේදයේ බෙලි ගැන කියැවෙන දේ

බලං බිල්ව ඵලං ශ්‍රාහි – දීපනං පාචනං කටු
කෂායෝෂ්ණං ලඝු ස්නිග්ධා – තික්තං වාත කඵා පහම්

මේ කියන්නේ අමු බෙලි දීපන පාචන කටු කෂාය ගුණ වලින් යුක්ත වෙනවා. ඒ නිසා අමු බෙලි අතීසාරය, මල බුරුලෙන් යන අවස්ථා වලදී භාවිතා කරන්න පුලුවන්.

පක්වා ගුරු තිදෝෂං සභත් – දුර්ජනාං ප්‍රති මාරුතං
විද්‍රහි විශ්ඨම්බ කරං – මධුරං වහ්නි මාන්ද්‍යකෘත්

මේ කියන්නේ ඉදුනු බෙලි ත්‍රිදෝෂ ගුණ සහිතයි. මේ නිසා ඉදුනු බෙලි මලබද්ධය වැනි අවස්ථා වලදී භාවිත කල හැකියි.

🤝ඇයි මේක ආහාර මාර්ගයේ මිතුරා කියන්නේ?

බෙලි මගින් ආහාර ජීරණය කාර්‍යක්ෂම වෙනවා. ආහාරයේ අඩංගු පෝෂක නිසි ලෙස ශරීරගත වීමටත් බෙලි දායක වෙනවා. ආහාර ජීරණය කිරීමට අවශ්‍ය ආමාශයික හා ආන්ත්‍රික යුෂ ස්‍රාවය කාර්‍යක්ෂම කරන්නත් බෙලි උදව් වෙනවා.

  • බෙලි වල තියෙන flavonoids, coumarins, marmelosin වැනි රසායනික ද්‍රව්‍ය නිසා ආමාශයේ සිදුවන ආසාදන වලින් ඔබව ආරක්ෂා කරනවා.
  • ආමාශයේ ඉන්න හොද බැක්ටීරියවෝ මේ බෙලි වලට ගොඩක් කැමතියි. මොකද මේක prebiotic එකක් ලෙස ක්‍රියා කරන නිසා.

බෙලි මෙච්චර වටිනවා කියලා හිතුවේ නෑනේ! මේ රහස අනිත් අයටත් දැන ගන්න මේක share කරන්න.

ඒ වගේම මේ වගේ වටිනා තොරතුරු දැන ගන්න Naturista අපිත් සමග රැදී සිටින්න.

Comments

No comments yet — be the first to leave one!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
🇱🇰 සිං