What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

ඔයාගේ අක්මාව අනතුරේද?😱 මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද බලන්න
Uncategorized Admin May 06. 2026

ඔයාගේ අක්මාව අනතුරේද?😱 මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද බලන්න

ඔයාගේ අක්මාව අනතුරේද? මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද බලන්න

අපේ සිරුරේ "සුපිරි වීරයා" වන අක්මාව, වැරදි පුරුදු නිසා ලෙඩ විය හැක. අක්මාව විෂ වලින් පිරි ඇති බවට සිරුර ලබා දෙන පෙරනිමිති හඳුනාගෙන අදම දැනුවත් වෙමු.

🧬 හඳුන්වාදීම

යාලුවනේ අපේ ඇඟ ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් අතරින් සුපිරි වීරයෙක් තමයි අක්මාව. හැබැයි අපි කරන වැරදි පුරුදු නිසා (අධික සීනි, මත්පැන්, තෙල් කෑම) මේ වීරයා ලෙඩ වෙන්න පුළුවන්. අක්මාව විෂ වලින් පිරිලා කියලා අපේ ඇඟ කලින්ම අපිට ලක්ෂණ පෙන්නනවා.

නමුත් සමහර රෝගීන්ට මේ අක්මාවේ Fatty Liver වැනි තත්වයන් වලදී කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා ගැන අදම දැනුවත් වීම ඉතා වැදගත්.

🔍 අක්මාව ලෙඩ වෙද්දී දෙන ලක්ෂණ

  • පපුවට පහලින් දකුණු පැත්තේ වේදනාව: උදරයේ දකුණු පැත්තේ නිතර වේදනාවක් එනවා නම් ඒක අක්මාවේ විෂ පිරිලා කියන පළමු අනතුරු ඇඟවීම වෙන්න පුළුවන්.
  • කකුල් සහ වළලුකර ඉදිමීම: කිසිම හේතුවක් නැතුව කකුල් ඉදිමෙනවා නම් සහ එහි වේදනාවක් නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
  • අමුතු විදිහට බර වැඩි වීම: අක්මාවට විෂ හරණය කරගන්න බැරි වූ විට මේද සෛල වල විෂ තැන්පත් වීම නිසා බර වැඩි විය හැක.
  • නිතර ඇතිවන ආසාත්මිකතා (Allergies): ඇඟ කැසීම, පලු දැමීම වැනි දේ නිතර වෙනවා නම් ඒ කියන්නේ අක්මාව ලේ පිරිසිදු කිරීම නිසි ලෙස සිදු නොකරන බවයි.
  • ඇස් සහ සම කහ පාට වීම (Jaundice): ලේ වල "බිලිරුබින්" වැඩි වූ විට මෙය සිදු වේ. මෙය ඉතා බරපතල තත්වයකි.
  • අධික තෙහෙට්ටුව: කිසිම වැඩක් නොකරත් දවස පුරාම මහන්සියි වගේ දැනෙනවා නම් ඒ අක්මාවට ශක්තිය ගබඩා කරගන්න බැරි නිසා විය හැක.
  • මුත්‍රා තද දුඹුරු පාට වීම: වතුර හොඳට බීලත් මුත්‍රා තද පාටට යනවා නම් එය අක්මාවේ අසාදනයක ලක්ෂණයකි.

🛡️ දැන් මොකද කරන්නේ?

බය වෙන්න එපා! ඔබ මුල් අවස්ථාවේදී ම මේ ගැන දැනගත්තොත් අක්මාව සුව කරන්න පුළුවන්. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න:

  • මත්පැන් සහ දුම්වැටි වලින් සම්පූර්ණයෙන් ඈත් වෙන්න.
  • පැණි බීම සහ කෘතීම රසකාරක දැමූ කෑම අවම කරන්න.
  • දවසට විනාඩි 20ක් වත් ක්‍රියාශීලී ව්‍යායාම වල නිරත වෙන්න.
  • ඉහත ලක්ෂණ පවතී නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

ඔයාගේ ආදරණීයයන්ටත් මේ ගැන දැනගන්න පෝස්ට් එක "Share" කරන්න.

මේ වගේ ඔබේ දිවියට වැදගත් තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.

වෛද්‍ය නෙත්මිණි කදනආරච්චි
ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල