What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

ගැස්ට්‍රයිටිස් (Gastritis) වලට ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර
Uncategorized Admin May 04. 2026

ගැස්ට්‍රයිටිස් (Gastritis) වලට ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර

ගැස්ට්‍රයිටිස් වලට සෑහෙන කාලයක ඉදන් බෙහෙත් බොනවාද? ඒත් බෙහෙත් බොනකන් හොදයි නැවැත්තුවාම ආයෙම එනව නේද? එහෙනම් අපි ඔයාටමයි මේ ලිපිය ලිව්වේ. ලෝක ජනගහනයෙන් භාගයකට එක දවසක් හරි ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විදලා තියෙන බව ඔබ දන්නවාද? ඉතින් අපේ ආහාර රටාව තුලින්ම මේක අපිට මගහරවා ගන්න පුලුවන්.

🔥අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්

අපි කලින් සතියක කතා කලා ඇයි මේ ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කියලා. ඒක කියෙව්වා නම් ඔයාලා දන්නවා ඇති මේ ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුව අපිම කරන වැරදි කියලා. ඉස්සර කාලේ අපේ ආහාර පුරුදු හොද නිසා තමයි මේ වගේ ලෙඩ රෝග වැඩිය දකින්න තිබ්බේ නැත්තේ.

ගැස්ට්‍රයිටිස් රෝගය හැදුනු මුල් කාලයේම ඔබේ ආහාර පාන තුලින් මේක මගහරවා ගන්න පුලුවන්. එත් සමහර අවස්ථා තියෙනවා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගතයුතු අවස්ථා.

🌿කුස්සියෙන් සොයාගත හැකි දිව්‍ය ඖෂධ 5ක්

ආයුර්වේදයේ අපි මේක හදුන්වන්නේ අම්ල පිත්ත රෝගය කියලා. මේ රෝගයට අපේ කුස්සියෙන්ම අපිට හොයාගන්න පුලුවන් ඔසු මොනවාද කියලා බලමු:

  • ඉරමුසු කැඳ – ඇඟ නිවන දිව්‍ය ඖෂධය: මේක ලේ පිරිසිදු කරනවා විතරක් නෙවෙයි. ශරීරයේ අභ්‍යන්තර උෂ්ණය සහ ආමාශයේ දැවිල්ල (Inflammation) නැති කරන්න කියාපු බෙහෙතක්. ඇඟට සිසිලසක් ඕන නම් ඉරමුසු තමයි විසඳුම.
  • හීල් බත් (Diya Bath) – බඩට ඕන කරන බැක්ටීරියා ටික: උදේට කැඳ හදන්න වෙලාවක් නැත්නම් මෙන්න ලෙසිම දේ. රෑ ඉතුරු වුණු බත් වලට වතුර ටිකක් දාලා වහලා තියන්න. උදේට ඒකට පොල්කිරි ටිකක්, රතු ලූනු, ලුණු, දෙහි ටිකක් දාලා කන්න.
    💡 විද්‍යාත්මක ඇත්ත: බත් වතුරේ දාලා තිබ්බම ඒකේ Probiotics (හිතකර බැක්ටීරියා) හැදෙනවා. මේවා බඩේ තුවාල (Ulcers) ඉක්මනින් සුව කරන්න පුදුම විදිහට උදව් වෙනවා. ඒ වගේම විටමින් B ඌනතා වලටත් මරු!
  • කැහිපිත්තන් කොල ජෙලි: කැහිපිත්තන් කියලා කියන්නේ අපිට ගමේ ඕනතරම් හොයාගන්න පුලුවන් කොල ජාතියක්. මේ කොල කොටලා ඉස්ම, යුෂ අරන් ඒකට සීනී, ලුනු පොඩ්ඩක් එකතු කරලා මද වේලාවක් ශීතකරණයේ තිබ්බාම ජෙලි වගේම හැදෙනවා. ගැස්ට්‍රයිටිස් වලට කියාපු බෙහෙතක්.
  • බෙලි පානය: බෙලි පානයක් ලෙස හෝ නැතිනම් අතුරුපසක් ලෙස ආහාරයට ගන්න පුලුවන්. බෙලි වලට පුලුවන් ආමාශයේ පිටතින්ම පවතින සෛල ආස්තරනය ආරක්ෂා කරන්න.
  • කෝමාරිකා පානය: කෝමාරිකා වල තියෙන Aloin, Acemannan, Salicylic acid වැනි රසායනික ද්‍රව්‍ය නිසා ගැස්ට්‍රයිටිස් නිසා ආසාදනයට ලක්වූ ආමාශයේ පවතින සෛල සුවකිරීමට දායක වෙනවා.

පුංචි අවවාදයක්: මේවා එක දවසක් කාලා හරියන්නේ නෑ. ටික කාලයක් දිගටම කරලා බලන්න. ඒ වගේම තෙල්, පිටි කෑම ටිකක් අඩු කරන්න වෙනවා හොඳේ!

අනුගමනය කළ යුතු පුරුදු

  • පිරිසිදු පානීය ජලය නිතර, වැඩිපුර භාවිතය.
  • කෙඳි බහුල ආහාර අනුභවය.
  • බෙලි, පැපොල්, දෙළුම්, කොමඩු, අලිගැටපේර වැනි පලතුරු නිතර ආහාරයට එක්කර ගැනීම.
  • පිරිසිදු ආහාර ගැනීම.
  • චොකලට්, කොකෝවා වැනි ආහාරත් තෙල්, ලුණු, මිරිස් බහුල ආහාරත් භාවිතය අවම කිරීම.
  • සුවබර නින්දක් ලබාගැනීම.

මේ වටිනා ඔසු රහස් ටික තව කෙනෙක්ට දැනගන්න දැන්ම Share කරන්න! ❤️↗️

මේ වගේ වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න. ❤️

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල