අර්ශස් (Hemorrhoids) ගැන ලැජ්ජා නොවී කතා කරමු! 😥
ගොඩක් අය කතා කරන්න අකමැති වුණාට, අර්ශස් කියන්නේ අපේ ඇඟේ වෙන ඕනෑම තැනක එන ලෙඩක් වගේම සාමාන්‍ය තත්ත්වයක් පමණයි.
ගොඩක් අය කතා කරන්න අකමැති වුණාට අපේ රටේ ගොඩක් දෙනෙක් විඳවන ලෙඩක් 🥲 තමයි අර්ශස් (Arshas) කියන්නේ. ඇත්තටම මේක ලැජ්ජ 😰 වෙන්න ඕන දෙයක් නෙමෙයි. අපේ ඇඟේ වෙන ඕනෑම තැනක එන ලෙඩක් වගේම ලෙඩක් විතරයි.
මෙහෙම කිව්වාට හරියටම මේ අර්ශස් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය ඕනේ තරම් අපේ අතර ඇති 😟. අන්න ඒ නිසයි මේ ගැන ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ 😌.
සරලවම කිව්වොත්, අපේ තට්ටම් හරියේ (ගුද මාර්ගයේ) තියෙන ලේ නහර (ශිරා) ඉදිමෙන එකට තමයි අර්ශස් කියන්නේ. හිතන්නකෝ කකුලේ නහර ඉදිමෙන්නේ... අන්න ඒ වගේ දෙයක් තමයි එතනත් වෙන්නේ 🙂. ගොඩක් අය හිතන් ඉන්නවා මල සමග ලේ 🩸 පිටවෙන එක තමයි අර්ශස් කියලා. එහෙම නෑ 🖐️. අපේ ගුදමාර්ගය ආශ්‍රිතව ගොඩක් ලෙඩ තියෙන්න පුලුවන්, ඒකෙන් එකක් විතරයි අර්ශස් කියන්නේ.
🤎 අර්ශස් වල ප්‍රධාන වර්ග
- අභ්‍යන්තර අර්ශස් (Internal Hemorrhoids): ගුද මාර්ගය ඇතුළත හටගනී. සාමාන්‍යයෙන් මේවායේදී වේදනාවක් දැනෙන්නේ නැත. නමුත් මලපහ කිරීමේදී වේදනාවකින් තොරව තද රතු පැහැති රුධිරය පිටවීම සිදු වේ.
- බාහිර අර්ශස් (External Hemorrhoids): ගුද මාර්ගයේ සමට යටින් පිටතින් හටගනී. මෙහිදී ගුද මාර්ගය වටා කසන සුළු බව, දැවිල්ල, ඉදිමුම සහ වාඩිවීමේදී තදබල වේදනාවක් ඇති වේ.
🤔 ඇයි මෙහෙම වෙන්නේ?
- මලපහ තද කරන් ඉන්න එක: වතුර බොන්නේ නැතුව, එළවළු/පලතුරු කන්නේ නැතුව ඉද්දි බඩ වේලෙනවා. ඊටපස්සේ වැසිකිළි ගියාම තදින් තටමන්න වෙනවා.
- ටොයිලට් එක ඇතුලේ පැය ගණන් ඉන්න එක: ෆෝන් එක අතේ තියාගෙන ටොයිලට් එකේ පැයක් විතර වාඩි වෙලා ඉන්නවනේ ගොඩක් අය. ඒකෙන් එතනට ලොකු තෙරපීමක් එනවා.
- එකතැන පැය ගණන් වාඩි වෙලා වැඩ කිරීම: ගොඩක් වෙලාවට දුර ගමන් වාහන එලවන අයට සහ එකම තැන වාඩිවී රැකියාව කරන අයට මෙය බලපායි.
- බර ජාති උස්සන එක: සහ බඩගිනි වෙලාවට සැර කෑම විතරක් කන එක.
🩸 මේක හඳුනාගන්නේ කොහොමද?
- ටොයිලට් යද්දි රතු පාටට ලේ බිංදු වැටෙනවා නම් (ගොඩක් වෙලාවට රිදෙන්නේ නෑ).
- එතන කසනවා වගේ, නැත්නම් දැවිල්ලක් දැනෙනවා නම්.
- එතන චූටි ගැටයක් වගේ අහුවෙනවා නම්.
- එහෙමත් නැතිනම් මිදිපොකුරක් වගේ මාංශ අංකුර නෙරලා තියෙනවා නම්.
✨ අර්ශස් වළක්වා ගන්න සහ පාලනය කරන්න මොනවද කරන්න ඕනේ?
- වතුර හොඳට බොන්න: 🍶 දවසට ලීටර් 2-3ක්වත් වතුර බොන්න ඕන.
- කෑම පාලනය: කොහිල, කෙසෙල්, පැපොල්, නිවිති වගේ කෙඳි 🧄🫑 තියෙන කෑම ගොඩක් කන්න. එකපාරටම මලපහ බුරුල් වෙනවා.
- උණු වතුරේ වාඩි වෙන්න (Sitz Bath): බේසමකට මදටිය රස්නෙ වතුර දාලා විනාඩි 15ක් විතර වාඩි වෙලා ඉන්න. දැවිල්ල සහ අමාරුව පටගාලා අඩු වෙනවා.
- ටොයිලට් එකේ ෆෝන් බලන්න එපා: යන්න, වැඩේ ඉවර කරගන්න, ඉක්මනට එන්න!
COMMENTS
No comments yet. Be the first to leave one!