What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

ඇගේ ඌෂ්ණේ ගර්භණීභාවයට බලපානවද???
Lifestyle Admin Jul 27. 2026

ඇගේ ඌෂ්ණේ ගර්භණීභාවයට බලපානවද???

Naturista ප්‍රාණ සත්කාර 🌿

Body Heat එක Pregnancy එකට බලපාන්නෙ කොහොමද? 🤰🔥

අපි නිතරම "බොඩි හීට්" එක ගැන කතා කරනකොට ගෑණු ළමයි නිතරම අහන ප්‍රශ්නයක් තමයි, ගර්භනී භාවයට මේ ඇඟේ තියෙන උෂ්ණ ස්වභාවය බලපානවාද නැද්ද කියන එක.

සාමාන්‍යයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ දරුවෙක් බිහිවෙන්න විශේෂයෙන්ම මූලික වෙන්න ඕන කාරණා හතරක් තියෙනවා. ඒවා තමයි ඍතු, ක්ෂේත්‍ර, අම්බු සහ බීජ.

🌿 ගැබ්ගැනීම සඳහා බලපාන ආයුර්වේද මූලධර්ම 4

☘️ 1. සෘතුව (Ritu)

සෘතුවක් කියලා කියන්නේ යම්කිසි නිශ්චිත කාලයක් නේ. එතකොට අපේ ශරීරය ඇතුලේ දරුවෙක් පිළිසිඳ ගන්න ඒකට නියමිත කාලය පැමිණෙන්න ඕන. ඒ කියන්නේ ඉතාමත් අඩු වයස් කාලයකදී වගේම නිසි වයස පසු උනයින් පස්සෙත් මේ විදිහට දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව අඩුවෙලා යනවා.

ඒ වගේම මේ හරි සෘතුව බලනකොට වයස බලනවා වගේම ඒකට ගැළපෙන බාහිර සාධක ගැන පවා අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් අපිටවත් ඉන්න සුදුසු නැති පරිසරයක නම් අපි ඉන්නේ, ඒ වගේ පරිසරයකදී දරුවෙක් සෞඛ්‍යමත් විදිහට පිළිසිඳ ගනියි කියන එක ගැන හිතන්න අමාරුයි. ඒ විදිහට පිළිසිද ගත්තා වුණත් යම් යම් අතුරු ආබාධ එන්න තියන හැකියාවත් වැඩියි.

☘️ 2. ක්ෂේත්‍ර (Kshetra)

මොකක්ද මේ ක්ෂේත්‍රය කියලා කියන්නේ? දරුවෙක් පිළිසිඳ ගන්නවා කියන්නේ හරියට පුංචි බීජයක් පැලවෙනවා වගේ එකක් නම්, මේ පැලවෙන්න අවශ්‍ය පොළොව තමයි ක්ෂේත්‍රය කියලා හඳුන්වන්නේ.

අපි මෙතනදි ක්ෂේත්‍රය කියලා හඳුන්වන්නේ ගර්භාෂය සහ පිළිසිඳ ගැනීමට අදාළ වන ගර්භාෂ බිත්ති සහ ඒ අදාල කොටස් ටික. මේ පුංචි පැලය මුල් ඇදලා ස්ථාවර වෙන්නේ මේ ගර්භාෂ බිත්තියේනේ. එතකොට ඒ ගර්භාෂ බිත්තිය ගැටලු සහගතයි නම්, ඒ කියන්නේ පමණට වඩා හයිය වැඩියි නම් සහ පමණට වඩා මෙලෙක් බවින් යුතුයි නම් මේ ආකාර දෙකේදිම දරුවෙක්ට පිළිසිඳ ගන්න අමාරුයි.

☘️ 3. අම්බු (Ambu)

අම්බු කියලා අපි හඳුන්වන්නේ සංස්කෘත භාෂාවෙන් ජලය කියලා කියන එක. බීජයක් පැළ වෙන්න ජලය අවශ්‍යයි නේ. මුල් ඇදගෙන එන පුංචි පැලේට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ ජලය සහ පෝෂකවලින්. අන්න ඒකම තමා මෙතනදිත් අදහස් කරන්නේ.

පිළිසිඳ ගන්න පුංචි කලලය හරියට පෝෂණය වෙන්න අම්මා හොඳ පෝෂණිය ආහාර ගන්න ඕන. ඒ විතරක් මදි, මේ ගන්න ආහාර රුධිර සැපයුමත් එක්ක ගර්භාෂ බිත්තියක් එක්ක සම්බන්ධ වෙලා දරුවට ලැබෙන්නත් ඕන.

(මෙන්න මේක නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඇතුලේ ගර්භණී කාලයේ මාස දොළහටම අදාළ වත් පිළිවෙත් වගේම කෑම බීම ආහාර රටාව පවා බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා.)

☘️ 4. බීජ (Bija)

අපි මේ කතා කරේ පුංචි පැලයක් වගේ දෙයක් ගැන නම්, පැලේ හැදෙන්න නීරෝගී බීජයක් අවශ්‍යම වෙනවනේ. අන්න ඒ වගේම නිරෝගී දරුවෙක් බිහිවෙන්න නම් මෙතනදි මේ බීජ කියලා හඳුන්වන්නේ අම්මගෙන් ලැබෙන නීරෝගී ඩිම්බ සහ තාත්තගෙන් ලැබෙන නිරෝගී ශුක්‍රාණු වල එකතුවයි.

🔥 ඇඟේ ඌෂ්ණය (Body Heat) ගැබ්ගැනීමට බලපාන්නේ කොහොමද?

අපි මෙච්චර දේවල් කිව්වේ මේ බොඩි හීට් එක ගැන කියන්නනේ. එතකොට අපේ ශරීරයේ සාමාන්‍ය පිත් ගුණය නැතිනම් ඇඟේ ඌෂ්ණය වැඩි කියන්නෙම, අපි අර උඩින් කිව්ව සාධකවලින් "ක්ෂේත්‍රය" කියන එක හරියට හැදෙන්නේ නැහැ කියලා කියන එක තමයි.

  • සුවපහසුවක් නොමැති වීම: අපි උනත් අපිට comfortable නැති තැනක ඉන්නේ නැහැනේ. දරුවෙක් පිළිසිඳ ගද්දී එයා බලන්නේත් එයාට ඉන්න සුවපහසු ගර්භාෂයක් තියෙනවද කියලා. ශරීරයේ අධික උෂ්ණ බවක් තියෙන කොට මේ කලලය තැන්පත් උනා උනත් (පිළිසිද ගත්තත්) අයින් වෙලා යන්න බලනවා. අන්න ඒ නිසා තමයි පළවෙනි මාස තුනේදී ගොඩක් පරිස්සම් වෙලා එයාව තියාගන්න උත්සාහ කරන්නෙ.
  • ගර්භාෂ බිත්තියේ ගැටලු: අධික උෂ්ණ බවක් තියෙනකොට ගර්භාෂ බිත්තිය සමහරවිට හැදෙන්නෙ අවශ්‍ය තරම් ඝනකමට නෙවෙයි. ඝනකම මදි ගතිය හින්දත් ගර්භාෂ බිත්තිය කැඩිලා ශරීරයෙන් අයින් වෙන්න ඉඩකඩ තියෙනවා. අන්න එතකොට තමයි මාස තුන යන්නත් කලින් පිළිසිඳ ගත්ත කලලය අයින් වෙලා යන්නෙ.

⚠️ ගර්භ ශ්‍රාවය (Miscarriage) සහ පිත

ඇඟ උෂ්ණයි කියලා කියන්නෙ වැඩිවෙලා තියෙන්නේ ශරීරයේ පිත ස්වභාවයනේ. අපිට පිත කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගලන ගතිය වැඩියි. ගලාගෙන යන ගතිය ඉහළයි. අන්න ඒක හින්දාත් ගර්භ ශ්‍රාවයක් ඇතිවෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ අපි මිස්කැරේජ් (Miscarriage) එකක් කියලා හඳුන්වන්නේ අන්න ඒ වගේ දේකටයි.

ඉතින් ඔයත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නවනම් මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. 🤰❤️

🖊️ වෛද්‍ය නෙත්මිණි කදනආරච්චි

මෙම තොරතුරු ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න අමතක කරන්න එපා! ❤️👇

❤️ මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැඳී සිටින්න.

⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ⭐⭐

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල