What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

🤔ඇත්තටම මොකක්ද මේ ඇඟේ උෂ්ණේ කියන්නේ? අද අපි ඒ ගැන ආයුර්වේදයට අනුව බලමුද? 😎
Lifestyle Admin Jul 06. 2026

🤔ඇත්තටම මොකක්ද මේ ඇඟේ උෂ්ණේ කියන්නේ? අද අපි ඒ ගැන ආයුර්වේදයට අනුව බලමුද? 😎

Naturista ප්‍රාණ සත්කාර 🌿

අනේ මන්දා මේ “ඇඟේ උෂ්ණේ”... මොකක්ද මේ? 🤔🔥

අපේ ආච්චිලා, අම්මලා නිතරම කියන "පුතේ ඔය හැම ලෙඩකටම මුල ඇඟේ උෂ්ණේ" කතාවේ ඇත්ත නැත්ත ආයුර්වේද විද්‍යාත්මකව විමසා බලමු.

🤔 ඇඟේ උෂ්ණේ කියන්නේ මොකක්ද?

අපේ ආච්චිලා, අම්මලා නිතරම කියන කතාවක්නේ, "පුතේ ඔය හැම ලෙඩකටම මුල ඇඟේ උෂ්ණේ" කියලා. ඇඟේ දැවිල්ලක් ආවත්, කටේ තුවාල වුණත්, ඇඟේ බිබිලක් දැම්මත් කියන්නේ ඕකමයි. අද අපි ඒ ගැන ආයුර්වේදයට අනුව විද්‍යාත්මකව බලමු.

📜 ආයුර්වේදයෙන් කියන කතාව

ආයුර්වේදයට අනුව අපේ සිරුර ක්‍රියා කරන්නේ ප්‍රධාන දෝෂ තුනකින්. ඒ තමයි වාත, පිත්ත, සහ කප. මෙන්න මේ අතරින් අපේ ඇඟේ තියෙන තාපය, ජීරණය, සහ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන්නේ "පිත්ත" (Pitta) දෝෂයෙන්.

සරලවම කිව්වොත්, ඇඟේ උෂ්ණේ කියන්නේ අපේ සිරුරේ "පිත් දෝෂය" කිපිලා (වැඩි වෙලා) තියෙන එකටයි.

🔬 සමදෝෂ සංකල්පය

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපේ ශරීරය නීරෝගීව තියාගන්න මූලිකම වෙන දේ තමයි "සමදෝෂ" කියන සංකල්පය. ඒ කියන්නේ ශරීරයේ තියෙන වාත, පිත්ත, කප කියන තුන්දෝෂයන් සමබරව පැවතීමයි. ඇඟේ උෂ්ණේ කියන්නේ මේ සමබරතාවය බිඳිලා පිත් දෝෂය (Pitta Dosha) ඉහළ යෑමටයි.

🔥 මොකක්ද මේ "පිත් දෝෂය" කියන්නේ?

ආයුර්වේදයට අනුව මුළු විශ්වම නිර්මාණය වෙලා තියෙන්නේ මහා භූත පහකින් (පංච මහා භූත). පිත් දෝෂය හැදෙන්නේ මෙන්න මේ මහා භූත දෙකක එකතුවෙන්:

  • අග්නි (ගින්දර)
  • ජල (වතුර)

පිත්ත කියන වචනයේ තේරුම තමයි "තැවීම හෝ රත් කිරීම". අපේ ශරීරය ඇතුළේ සිද්ධ වෙන හැම රසායනික ක්‍රියාවලියක්ම, උෂ්ණත්වය පාලනය කිරීමක්ම, සහ ආහාර දිරවීමක්ම කරන්නේ පිත් දෝෂයෙන්. සරලවම කිව්වොත් අපේ ඇඟේ තියෙන "Metabolism" (පරිවෘත්තීය ක්‍රියා) සහ හඳුන්වන එන්සයිම/හෝමෝන ක්‍රියාකාරිත්වය අයිති වෙන්නේ පිත්තටයි.

🌶️ ඇඟ උෂ්ණ වෙන්නේ ඇයි?

අපි එදිනෙදා කරන පුරුදු නිසාම තමයි මේ පිත් දෝෂය වැඩිවෙන්නේ:

  • කෑම බීම: සැර, තෙල්, මිරිස් අධික කෑම, බලමාළු, දැල්ලෝ, ඉස්සෝ, තක්කාලි, අන්නාසි, අච්චාරු වගේ දේවල් නිතරම කෑම. රස 3ක් අධිකව ගැනීම: කටුක (සැර), අම්ල (ඇඹුල්), සහ ලවණ (ලුණු) රස අධික කෑම නිසා පිත්ත කෝප වෙනවා (උදා: විනාකිරි, අච්චාරු, මිරිස් අධික කෑම).
  • ජීවන රටාව: අව්වේ ගොඩක් වෙලාව ඉන්න එක, රෑ තිස්සේ නිදි මරන එක.
  • මානසික මට්ටම: හැමතිස්සෙම තරහ යන එක, ලොකු මානසික ආතතියකින් ඉන්න එක 😡😠.

🤒 උෂ්ණේ වැඩි වුණාම වෙන දේ (ලෙඩ රෝග)

ඇඟේ උෂ්ණේ වැඩි වුණාම අපේ සිරුරෙන් ඒක පිටතට පෙන්වන්න ගන්නවා. මේ වගේ ලක්ෂණ බොහොමයක් තියෙන්න පුළුවන්:

  • 👅 කටේ සහ තොල්වල තුවාල හැදීම (Mouth Ulcers)
  • 🔥 මුත්‍රා පිටවීමේදී දැවිල්ලක් දැනීම හෝ මුත්‍රා කහ පැහැ වීම
  • 🥵 ඇස් දැවිල්ල සහ ශරීරයෙන් අධික ලෙස දහඩිය දැමීම
  • 🔴 හම රතු වීම, බිබිලි දැමීම, පපුවේ දැවිල්ල සහ බඩේ දැවිල්ල

🥥 එතකොට මේකට කරන්නේ මොකක්ද?

ඇඟ නිවන, පිත් දෝෂය සමනය කරන කෑම බීමවලට මාරු වෙන්නයි තියෙන්නේ:

  • කෑමට ගන්න: පිපිඤ්ඤා, කෑකිරි, puහුල්, පතෝල, වැටකොළු වගේ දියලබු එළවළු.
  • බොන්න: තැඹිලි, කුරුම්බා, බාර්ලි වතුර, සාරණ හෝ රණවරා තැම්බූ වතුර, නෙල්ලි රසකිඳ තැම්බූ වතුර, එළකිරි.
  • ඖෂධීය කැඳ: රතු කැකුළු බතින් හදපු කැඳ වර්ග, කොළ කැඳ.

ඉතින්, ආච්චිලා කියපු කතාව සියයට සීයයක් ඇත්ත. අපේ ඇඟ ඇතුළේ තියෙන ගින්දර (පිත් දෝෂය) සමබරව තියාගන්න එක අපේ සෞඛ්‍යයට ගොඩක් වැදගත්. ඔයාලත් නිතරම ඇඟේ උෂ්ණ ගතියෙන් පීඩා විඳින කෙනෙක්ද? එහෙනම් අද ඉඳන් කෑම බීම ගැන පොඩ්ඩක් හිතන්න.

🖊️ වෛද්‍ය නෙත්මිණි කදනආරච්චි

මෙම තොරතුරු ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න අමතක කරන්න එපා! ❤️👇

මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට අපත් සමග රැඳී සිටින්න.

⭐⭐ ශ්‍රී ළාංකීය ප්‍රාණ සත්කාරය ⭐⭐

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල