What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

අපි බත් කන්නේ හරියටද?
Uncategorized Admin May 04. 2026

අපි බත් කන්නේ හරියටද?

“බත් ගොඩක් කෑවොත් ඉක්මණට ලොකු වෙනවා. ඒ නිසා හොඳ පුතා වගේ බත් සේරම කන්න.” බත් ගොඩාරියක් කෑවහම හොඳයි කියන එක පුංචි කාලෙදීම අපේ ඔලු වලට වැටෙන්නේ ඔන්න ඔහොමයි. හැබැයි පුංචි කාලෙ ඔහොම කතා ඇහුවට, ඕනවට වඩා බත් කෑවහම විපැත්තියක් මිසක සැපක් ශාන්තියක් වෙන බව ලොකු වුණාම නම් අපි අහලා නැහැ. “අපි නම් තුන් වේලටම කන්නේ බත්” සමහරු හරි උජාරුවෙන් මෙහෙම කියනවා. ඒ උනාට දැන් නම් ඒක එච්චර හොද දෙයක් නෙමෙයි කියලා තමයි දැන් දැන් පෙනී යන්නේ.

🤔එදා නිරෝගීව, අද රෝගී වීමට හේතුව?

අතීතයේදී තුන්වේල බත් කා දසමහා යෝධයින් මෙන් ශක්තිමත්ව සිටි ජාතියක වත්මන් පරපුර තුන් වේලට බත් කෑමට ගෙන රෝගී වී ඇත. එදා තුන්වේල බත් කෑ පිරිස නීරෝගිව සිටීමටත් වර්තමානයේ තුන්වේල බත් කන පිරිස රෝගී වීමටත් හේතුව කුමක්ද?

ඊට ඇති පිළිතුර වන්නේ වර්තමානයේ අප බොහෝ දෙනා තුන් වේල බත් කා අලස දිවියක් ගත කිරීම මීට ප්රධානම හේතුව බවය.

⚠️අධික ලෙස බත් කෑමේ සෞඛ්‍ය අවදානම්

සුදු බත්වල ඉහල Glycemic Index (GI) අගයක් ඇති නිසා, දියවැඩියාව වැනි රෝග වලට නිතර නිතර වැඩියෙන් බත් කෑම බලපානවා.

  • විශේෂයෙන් සුදු බත් වල කැලරි ප්රමාණය ද වැඩි නිසා එය ඔබේ ශරීරයේ බර වැඩි කරයි.
  • අතිරික්ත කාබෝහයිඩ්රේට් අවසානයේදී මේදය බවට පත්වීම නිසා මෙය Fatty Liver (අක්මාවේ තෙල් තැන්පත් වීම) සඳහාද බලපායි.

🔬පර්යේෂණ වලින් කියැවෙන දේ

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලය කාලෙකට ඉහතදී බත් ගැන පරීක්ෂණයක් කළා. යුරෝපීය රටවල උදවියට වඩා ආසියානු රටවල අය බත් කනවා වැඩියිලු. මනුස්සයෙක් දවසකට කන්න ඕනේ බත් 50g යි. හැබැයි ආසියානු රටවල මිනිස්සු දවසකට බත් 500g කට වඩා කනවා කියන එකයි ඔවුන් කිව්වේ.

🍽️එසේනම්, කොහොමද හරියට බත් කන්නේ?

වර්තමානයේ අප බොහෝ දෙනාගේ ප්රධාන ආහාර වේල් තුනේ වැඩි පුරම ඇත්තේ පිෂ්ටයයි (බත්). ඊට අමතරව අල වර්ග, කොස්, දෙල් ආදිය ඊට එක්කර ගනී. එළවළු, මැල්ලුම් ආදිය එක්කර ගන්නේ ඉතා ස්වල්ප ලෙසය.

ඔබේ බත් පිඟාන මෙසේ සකස් කර ගන්න:

  • පිඟානෙන් 1/4 ක්: බත්
  • පිඟානෙන් 1/2 ක්: එළවළු, පලා වර්ග, සලාද
  • පිඟානෙන් 1/4 ක්: ප්‍රෝටීන (මස්, මාළු, බිත්තර වැනි දෑ)

ඒ වගේම සුදු බත් වෙනුවට රතු බත් (නිවුඩු සහිත) කෑමට ගන්නවා නම් එය තන්තු බහුල නිසා වඩාත් සෞඛ්‍යට හිතකරයි.

ඔන්න ඔය විදියට තමයි ඔයා හරියට බත් කන්න ඕනේ. මේ වගේ ඔයාගේ සෞඛ්යට වැදගත් වෙන තවත් බොහෝ තොරතුරු නිරන්තරයෙන් දැනගන්න Naturista ප්රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල