What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00
Free shipping for orders island wide

Your Wishlist 0

ලෝක දියවැඩියා දිනය (නොවැම්බර් 14)
Uncategorized · Admin ·

ලෝක දියවැඩියා දිනය (නොවැම්බර් 14)

Share:

ලෝක දියවැඩියා දිනය (නොවැම්බර් 14)

ඔයත් හොදට සීනී දාලා තේ බොන කෙනෙක් ද? නිතරම පැණි රසට මොනා හරි කන්න ඕනේද? Sweet Craving වැඩිද? බරත් පොඩ්ඩක් වැඩි වෙලාද? එහෙනම් අද දවස ඔයාගේ! අද තමයි ලෝක දියවැඩියා දිනය. ලෝක ජනගහනයෙන් මිලියන ගානක් දියවැඩියාවෙන් පෙලෙනවා කියලා ඔයා දන්නවද? නිතර නිතර පැණි රස කෑම ගන්නවනම් ඔයත් මේ ලිපිය කියවන්න.

🌍ලෝක දියවැඩියා දිනයේ වැදගත්කම

දියවැඩියාව යනු අද ලෝකවාසීන් මුහුණ දෙන දරුණුතම රෝග තත්ත්වයකි. වසරෙන් වසර වර්ධනය වන රෝගීන් ගණනත් සමඟ, එය ආර්ථික, සමාජීය සහ පුද්ගලික ජීවිතය තුළ දැඩි බලපෑම් ඇති කරමින් පවතී. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය ලෙස නම් කර ඇත. ලෝක දියවැඩියා දිනය නිල වශයෙන් සලකන ලද්දේ (1991) වසරේදීය. එය මුලින්ම පැවැත්වුණේ International Diabetes Federation සහ (WHO) එකඟවීමකින් අනතුරුවය.

දියවැඩියාව යනු කුමක්ද?

දියවැඩියාව යනු ලේ තුළ ග්ලූකෝස් මට්ටම් ඉහළ යෑමෙන් සිදුවන දීර්ඝකාලීන රෝගයකි. මේ රෝගය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් වශයෙන් වර්ගීකරණය කළ හැක.

  • පළමු වර්ගයේ දියවැඩියාව (Type 1): ශරීරයේ insulin නිපදවීමේ හැකියාව නැති වීම.
  • දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2): insulin ප්‍රතිශක්තිය නිසා ශරීරය insulin නිසි ලෙස භාවිතා නොකිරීම.
  • ගර්භණී දියවැඩියාව (Gestational): ගැබිනි මාතාවන්ට පමණක් වැලඳෙන දියවැඩියා වර්ගයකි.

⚠️ශ්‍රී ලංකාවේ තත්වය සහ සංකූලතා

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් ගණන වසරෙන් වසර ඉහළ යමින් පවතී. ජාතික තරුණ හා වැඩිහිටියන්ගෙන් සම්පුර්ණ ජනගහණයේ සෑම අටෙන් එක් අයෙකුටම දියවැඩියාවක් ඇතැයි පර්යේෂණ පෙන්වයි. නාගරික ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යයි.

දියවැඩියාව නිසා ඇති වන ගැටලු:

  • ඇස් අන්ධතාවයට පත්වීම
  • වකුගඩු ආබාධ
  • හෘදයාබාධ හා ස්ට්‍රෝක් (Stroke)
  • පාද අක්‍රිය වීම (Amputations)

🛡️දියවැඩියාවෙන් ආරක්ෂා වීම

නිවැරදි ආහාරය සහ ව්‍යායාම කිරීමෙන් ද දියවැඩියාව පාලනය කළ හැක. දියවැඩියාව වැළැක්වීම සහ පාලනය සඳහා නිවැරදි ආහාර රටාවක් සහ නිතර ව්‍යායාම අත්‍යවශ්‍යය. සීනි, අධික කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වලින් වළකිමින්, ශාකීය ආහාර සහ පලතුරු ආශ්‍රිත ආහාර රටාවක් වඩාත් සුදුසුය.

දියවැඩියාවෙන් ආරක්ෂාව සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැක:

  • සෑම වසරකම ලේ සීනි පරීක්ෂණයක් සිදුකර ගත යුතුය.
  • BMI (ශරීර ස්කන්ධ දර්ශකය) පාලනය කරගැනීම.
  • පවුල් ඉතිහාසය (family history) සලකා බලමින් කල්තියා වැළැක්වීමට පියවර ගැනීම.
  • නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම (පිටි සහ සීනි බහුල ආහාර හැකිතාක් අවම කිරීම).

🌿දියවැඩියාවට සුදුසු ආහාර (ආයුර්වේදයට අනුව)

ආයුර්වේදයේදී ආහාර වල ගුණ ස්වභාවය මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය ලෙස කොටස් හයකට වර්ග කෙරේ. ඒ අතරින් කටු, තිත්ත, කෂාය කියන රස ත්‍රිත්වය දියවැඩියා චිකිත්සාවේදී බහුලව යොදා ගනී.

බැදපු යව (බාර්ලි), යව වලින් සාදන ලද ආහාර, අමු ධාන්‍ය, කඩල, කොල්ලු, උඳු, මුං ඇට, පැරැණි සහල් වර්ග (සුවඳැල්, කළු හීනටි ආදිය) මධුමේහ රෝගීන් සඳහා සුදුසුය. ත්‍රිපලා (අරළු, බුළු, නෙල්ලි), නෙල්ලි යුෂ, පැරැණි මී පැණි, තිත්ත රස පලා වර්ග (කිරි අඟුණ, කරිඤ්ඤං කොළ, තෙබු, කතුරුමුරුංගා) ආදිය ද මධුමේහය සඳහා සුදුසුය.

මධුමේහ රෝගීන්ගේ බහුලව රක්තහීනතාවයක් ද දක්නට ලැබෙන බැවින් ඔවුන්ට යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබාදිය යුතුය. ඉහත සඳහන් කළ පලා වර්ගවල යකඩ, ඛණිජ ලවන ආදිය අඩංගු බැවින් දියවැඩියා රෝගීන්ට එවැනි ආහාර වඩාත් සුදුසු වේ.

මාංශ අනුභවයේදී දියවැඩියා රෝගීන් තෝරාගත යුත්තේ මේදය අඩු මස් වර්ගයි. ඌරු මස්, හරක් මස්, තෙල් අධික කුකුල් මස් වලින් හැකිතාක් ඈත්වීම යෝග්‍යය වේ. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මාළු වර්ග වැඩිපුර ගැනීමත් මධුමේහයට හේතුවන අතර, මෙහිදී තෝර මාළු, පරා මාළු, අමු හාල් මැස්සො වැනි මාළු ආහාර සඳහා උචිතය. නමුත් මේ සියලු දේ ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් වලට අනුවය.

අවසානයේ, අපි හැමෝම මතක තබා ගත යුතු වන්නේ, “දියවැඩියාව පාලනය කළ හැකි රෝගයක් වන බවයි.”

මෙවැනි ඔබේ සෞඛ්‍යට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.

Comments

No comments yet — be the first to leave one!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
🇱🇰 සිං